සිරස ලක්ෂපති ෂුක්රාගේ ලැප්ටොප් සිහිනය සම්පත් බැංකුව සැබෑ කරයි

සම්පත් බැංකුව, සිරස ලක්ෂපති වැඩසටහන තුළින් ලෝකයක් හඳුනාගත් ෂුක්රා මුනව්වර් දියණියගේ ලැප් ටොප් සිහිනය සැබෑවක් බවට පත් කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබූ බව පවසයි. ඒ ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා  අවශ්‍ය කරන වටිනා ලැප්ටොප් පරිගනකයක් ඇය වෙත හිමිකර දෙමිනි.

සම්පත් බැංකුවේ කළමනාකරු – සන්නාම අලෙවිකරණය ලසිත සුරවීර මහතා විසින් ඇයගේ පාසලේ පවත්වන ලද පිළිගැනීමේ උත්සවයකදී එම ලැප්ටොප් පරිගණකය ෂුක්රා මුනව්වර් වෙත ලබා දෙන ලදී.

ගාල්ල, කටුගොඩ පුදේශයේ පදිංචි ෂුක්රා මුනව්වර් ගාල්ල සුදර්මා විද්‍යාලයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි ශිෂ්‍යාවකි. 2022 වසරේ වාණිජ අංශයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සූදානමින් සිටින ඇය පසුගිය කාලය තුළ බලවත් අසීරුතාවයකට ලක් වූයේ ඔන්ලයින් ඉගෙනීම සඳහා ලැප්ටොප් පරිගනකයක් නොමැති වූ හෙයිනි.

ලක්ෂපති වැඩසටහන සමඟ ඇය සම්බන්ධ වන්නේ තමන්ටම කියා ලැප්ටොප් පරිගණකයක් ලබා ගැනීමට මුදල් සොයා ගැනීම වෙනුවෙනි. එම වැඩසටහනෙහි පළමු දිනයේම මුළු රටේම අවධානය දිනාගත් ඇය පසුගියදා රුපියල් මිලියන 2ක සුපිරි ත්‍යාගය ජයගනු ලැබුවේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආශිර්වාදයද සමඟිනි.

ලක්ෂපති වැඩසටහනෙහි නිළ බැංකුකරු ලෙස කටයුතු කරන සම්පත් බැංකුව මෙම වැඩසටහන් ඉතිහාසයේ ප්‍රථම වරට සම්පත් විශ්ව ඔන්ලයින් මුදල් හුවමාරු සේවාව හරහා තරඟකරුවන් ජයග්‍රහණය කරන මුදල් ඒ මොහොතේම ජයග්‍රාහකයන්ගේ ගිණුම් වෙත මාරු කිරීමට අවශ්‍ය දායකත්වය සපයා දී තිබේ.

Visits: 66