ජෝන් කීල්ස් සමූහයට අයත් සමාගම් දෙකක් ලාභාංශ ගෙවීමේ නිවේදන නිකුත් කරයි

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් දෙකක් වන කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී (KFP.) සහ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී (CCS.) යන සමාගම් 2020/21 මූල්‍ය වර්ෂය සඳහා සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීම් පිළිබඳව නිවේදනය නිකුත් කර සිටියි.

ඒ අතරින් කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම පසුගිය පෙබරවාරි 02 වැනිදා සිය ලාභාංශ ගෙවීම පිළිබඳව අනාවරණය කර තිබේ. එහිදී සමාගම නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 7ක ලාභාංශ ගෙවීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත. එහිදී පළමු අතරමැදි ලෙස මෙම ලාභාංශ ලබා දෙන බවත් සමාගම පවසයි.

මෙහිදී කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීල්සීහි ලාභාංශ රහිත දිනය (XD date) ලෙස ලබන පෙබරවාරි 12 වැනිදා නම් කෙරී ඇති අතර, ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මාර්තු 05 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇත. මෙහිදී ලාභාංශ ගෙවීම සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම පවසයි.

පසුගිය ජනවාරි 20 වැනිදා නිකුත් කෙරුණු කීල්ස් ෆුඩ් ප්‍රඩටක්ස්ට් පීඑල්සී සමාගමේ 2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වසරේ තෙවැනි කාර්තුවේ අතරමැදි මූල්‍ය වාර්තාවට අනුව, තෙවැනි කාර්තුවේදී රුපියල් මිලියන 79ක ලාභයක්ද, එම දිනයෙන් අවසන් වූ 2020/21 මූල්‍ය වසරේ මුල් මාස නවයේදී රුපියල් මිලියන 198 ක ලාභයක්ද හිමි කරගෙන ඇතැයි පවසයි.  

මේ අතර සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී සමාගමත් පසුගිය පෙබරවාරි 03 වැනිදා සිය ලාභාංශ ගෙවීම පිළිබඳ නිවේදනය නිකුක් කර තිබේ. මෙහිදී එක් ඡන්ද හිමි කොටසකට රුපියල් 8.50 බැගින් ලාභාංශ නිකුත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බව සමාගම සඳහන් කර ඇත.

එසේම සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීල්සීහි ලාභාංශ රහිත දිනය (XD date) ලෙස ලබන පෙබරවාරි 15 වැනිදා නම් කෙරී ඇති අතර, ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මාර්තු 08 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇත. මෙහිදී ලාභාංශ ගෙවීම සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම පවසයි.

පසුගිය ජනවාරි 21 වැනිදා නිකුත් කෙරුණු සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී සමාගමේ 2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වසරේ තෙවැනි කාර්තුවේ අතරමැදි මූල්‍ය වාර්තාවට අනුව, තෙවැනි කාර්තුවේදී රුපියල් මිලියන 508ක ලාභයක්ද, එම දිනයෙන් අවසන් වූ 2020/21 මූල්‍ය වසරේ මුල් මාස නවයේදී රුපියල් මිලියන 977 ක ලාභයක්ද හිමි කරගෙන ඇතැයි පවසයි.

Visits: 679