අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සන්නාමය නැවුම් වෙයි

අමානා තකාෆුල් පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක රක්ෂණ සමාගම වන අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම නව ලෝගෝවක්ද සමගින් සිය සන්නාමය නැවුම් කිරීමට කටයුතු යොදා ඇතැයි පවසයි. ‘සෑම ශ්‍රී ලාංකිකයෙකුම එක සමානව (‘To Every Sri Lankan as One)’ ලෙස සලකමින් සේවය සැලසීම අරමුණු කරගනිමින් මෙලෙස සන්නාමය වෙනසකට ලක් කරන බව සමාගම සඳහන් කරයි.

විශේෂයෙන්ම අනෙකුත් රක්ෂණ සමාගම් මෙන් නොව අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම හරහා රක්ෂණ සමාගම වෙත මෙන්ම රක්ෂණලාභියා වෙතද එක සමාන ජයග්‍රහණයන් උදා කරදෙන බව සමාගම පවසයි. එසේම මෙම නැවුම් වූ සන්නාමය මගින් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ලාභදායී අවස්ථාවන් විවරකර දීමක් පෙන්නුම් කරන බවද සමාගම සඳහන් කරයි.

මෙලෙස සමාගමේ සන්නාමය නව පෙනුම සම්බන්ධයෙන් අදහස් දක්වන අමානා තකාෆුල් පීඑල්සී සමාගමේ සභාපති ඔස්මාන් කාසිම් මහතා, “අමානා තකාෆුල් රක්ෂණ සමාගම දැනට වසර 22කට පමණ පෙරාතුව ආරම්භ කෙරුණේ රුපියල් මිලියන 30ක පමණ ප්‍රාග්ධනයකින්. අපගේ ප්‍රවේශය සඳහා සිදුකළ ප්‍රධාන ක්‍රමෝපායික  වෙනස්කම්ද සමගින් අද වනවිට ප්‍රධාන ධාරාව වෙත ප්‍රවිශ්ටවීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ‘සෑම ශ්‍රී ලාංකිකයෙකුම එක සමාන’ ලෙස සැලකීමේ මෙම අදහස හරහා අප සෑම ශ්‍රී ලාංකිකයෙකු සමගින්ම සිටින බව පෙන්නුම් කරනවා. ඕනෑම දෙයක් සාධාරණව සහ යහපත්ව සිදු වෙනවා නම් ජනතාව ඒ ගැන තේරුම් ගෙන ඒ වෙත එනවා.”යනුවෙන් පවසා ඇත.

මෙහිදී අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම ජීවිත සහ සාමාන්‍ය යන රක්ෂණ විසඳුම් යටතේ අංගසම්පූර්ණ ආවරණයක් ලබා දිමට කටයුතු කර තිබෙන බවත්, පාරිභෝගිකයන්ට අනුව ගැලපෙන සෞඛ්‍ය රක්ෂණ සැලසුම් ලබා දීමටත් කටයුතු කරන බවත් පවසයි.

ඒ අනුව අමානා තකාෆුල් සමාගම සෑම විටම වඩාත් සදාචාරසම්පන්න සහ මිත්‍රශීලී ව්‍යපාරික මොඩලයක් හරහා සිය පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට පෙනීසිටින බවත් එම සමාගම වැඩි දුරටත් සඳහන් කරයි.

Visits: 158