“COVID-19 මධ්‍යයේ ඖෂධ කර්මාන්තයේ තිරසාර බව සහතික කිරීම ප්‍රධාන ඉලක්කයක්” – ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය

  • රෝගියා කේන්ද්‍ර කොටගත් වඩා ශක්තිමත් ඖෂධ සැපයුම් දාම ඇති කිරීම .
  • ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය ඖෂධ සඳහා තිරසාර මිලකරණ යාන්ත‍්‍රණයක් උදෙසා අඛණ්ඩව පෙනී සිටී.
  • ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය ඖෂධ කර්මාන්තයේ ආචාර ධර්ම භාවිතයන් සඳහා ඇරයුම් කරයි.
  • ඖෂධ නියාමන අධිකාරිය සමඟ එකාබද්ධව ඖෂධ නියාමනය කිරීම සඳහා ඩිජිටල්කරණය සහ නව්‍ය තාක්ෂණය භාවිතය.

මෙම වසර තුළ කාර්යක්ෂම, සුරක්ෂිත හා උසස් තත්වයේ ඖෂධ සාමාන්‍ය ජනතාවට ලබා දී සහතික කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය ඔවුන්ගේ කැපවීම නැවත අවධාරණය කර සිටියි.

Covid 19 වසංගතය හේතුවෙන් මෙම වසර ආරම්භයේදී රට හුදකලා කිරීමේ තත්වයට පත්වන විට ඖෂධ ඇතුලූ බොහෝ කර්මාන්ත විවිධ අභියෝගයන්ට මුහුණ දුන් අතර එය නියත වශයෙන්ම ඉදිරි වසර සඳහා වටිනා අත්දැකීමක් බවට පත් වූ බවද ඔවුන් පවසයි.

ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය සාමාජික සමාගම්වලට අඛණ්ඩව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා ක්ෂණිකව කටයුතු කිරීමට උපදෙස් දෙනු ලැබීය. නිරන්තරයෙන් රෝගීන්ට ප‍්‍රමුඛතාව ලබා දීම සහතික කිරීම වෙනුවෙන් විවිධ පාර්ශවකරුවන්ගේ සහයෝගීතාව හේතුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර ආකෘතීන් තත් කාලීන හා පෙර නොවූ විරූ වේගයකින් වෙනස් වන බව ඔවුන් වටහා ගන්නා ලදී.

සැපයුම් දාම ක‍්‍රියාත්මක කිරීමේ සිට නව තාක්ෂණයන් වෙත අනුවර්තනය වීම දක්වා ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය සංවිධානයක් ලෙස ඉදිරි වසරට මුහුණ දීම සඳහා පූර්ණ සූදානමකින් සිටින අතර දිගු කාලීනව තිරසාර කර්මාන්තයක් ලෙස ක‍්‍රියාත්මක වන්නේ නම් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ප‍්‍රධාන ක්ෂේත‍්‍ර කිහිපයක්ද හ`දුනාගෙන ඇත.

නම්‍යශීලී හා ක‍්‍රියාකාරී සැපයුම් දාමයක් නිර්මාණය කිරීම

දේශීය හා ගෝලීය වශයෙන් ඖෂධ සමාගම් වසංගතය තුළින් අවබෝධ කරගත් වැදගත්ම කරුණක් වූයේ Covid-19 වසංගතය හේතු කොට ගෙන ඖෂධ සැපයුම් දාමයන් වෙත සිදු වූ බාධාවන් කළමනාකරණය කිරීමයි. වසර ආරම්භයේදී ගුවන්වාරවල හදිසි වෙනස් වීම් සහ නැව් ප‍්‍රවාහනයට තාවකාලික සීමා කිරීම් හේතුවෙන් බොහෝ සමාගම්වලට වෙළෙඳපොලට අඛණ්ඩව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා ක්ෂණික සැළසුම් ක‍්‍රියාත්මක කිරීමට සිදු විය. ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය සාමාජික සමාගම් සිය ව්‍යාපාර ක‍්‍රියාවලීන්හි සිදුකළ තීරණාත්මක වෙනස්කම් සමඟ කඩිනම් ප‍්‍රතිචාර දැක්වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉක්මන් හා රෝගීන් කේන්ද්‍ර කොටගත් සැපයුම් දාමයක් ඇති විය.

සියලූම අංශයන්හි ඵලදායී සන්නිවේදනයක් ඇති කිරීම, හුදකලා කිරීම ආරම්භ වූ මොහොතේ සිටම ප‍්‍රමාණවත් ඖෂධ තොග ඇති බවට තහවුරු කිරීම සඳහා වගකිව යුත්තන් දැනුවත් කිරීම මෙන්ම රාජ්‍ය අධිකාරීන් සම`ග සමීපව කටයුතු කිරීම ශක්තිමත් සැපයුම් දාමයක් ඇති කිරීම ස`දහා ඉතා වැදගත් වේ.

මෙම ක‍්‍රියාවලිය පුරා බෝ නොවන රෝග සඳහා ලබා ගන්නා අත්‍යාවශ්‍ය ඖෂධ රෝගීන්ට ලබා දීම සඳහා ප‍්‍රමුඛත්වයක් හිමි විය. ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය අත්‍යාවශ්‍ය ඖෂධ තොග රෝගීන්ට සහ රෝහල්වලට ලබා දීම වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කළ සාමාජිකයන් වෙත සිය ප‍්‍රණාමය පුද කර සිටියි.

2021 තිරසාර මිලකරණ යාන්ත‍්‍රණයක් කරා යන වසර වේද?

එළඹෙන වසරේදී වාණිජ මණ්ඩලය සඳහා වන තවත් ප‍්‍රමුඛතාවයක් වන්නේ කාර්යක්ෂම, ආරක්ෂිත හා උසස් තත්වයේ ඖෂධ, වෛද්‍ය උපකරණ සහ පිළිගත හැකි නිෂ්පාදන සාධාරණ මුදලකට සාමාන්‍ය ජනතාව වෙත ලබා දීම සහතික කිරීම වෙනුවෙන් යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කිරීමයි.

අද වන විට සෞඛ්‍ය අමාත්‍යංශය හා ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ මිල පාලනය කිරීම ස`දහා තාවකාලික මිල පාලනයක් හඳුන්වා දී ඇත. එහෙත් මෙම යාන්ත‍්‍රණය දිගු කාලීනව සාර්ථක නොවන බව  පෙනී ගොස් ඇත. මේ වන විට ශ‍්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ 73ක් ස`දහා මිල සීමාවන් පනවා ඇති අතර මෙම ඖෂධ දැරිය හැකි මිලකට රෝගීන්ට පහසුවෙන් ලබා ගත හැකි වනු ඇත.

ඖෂධවල මිල නියාමනය සඳහා නිසි යාන්ත‍්‍රණයක් නොමැතිකම කර්මාන්තයට අහිතකර ලෙස බලපා ඇති අතර ඖෂධ ආනයනය මිල අධික වීම තුළ  දැනටමත් COVID-19 වසංගතයේ බලපෑම සහ රුපියල අවප‍්‍රමාණය වීම හේතුවෙන් දුර්වල වෙළෙඳපොල තත්වයන්ගෙන් ඊට බලපෑම් ඇති වී  ඇත.

ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ උප සභාපති සංජීව විජේසේකර මහතා අවධාරණය කර සිටියේ ‘‘අපට දැන් අවශ්‍ය වන්නේ සරල හා වැඩ කළ හැකි යාන්ත‍්‍රණයක්. අපි ඖෂධ, රෝගීන් සහ රටේ සෞඛ්‍ය ආරක්ෂණ අවශ්‍යතා සම`ග කටයුතු කරන බැවින් ඖෂධ මිලකරණය ඉතා සංකීර්ණයි. ඉදිරියට යාම ස`දහා හො`දම ම`ග වන්නේ කර්මාන්ත සහ නියාමකයින් අතර සහයෝගී ප‍්‍රවේශයක් ඇතිකර ගැනීමයි.’’ යනුවෙනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි රටවල ශක්තිමත් ඖෂධමිලකරණ ප‍්‍රතිපත්ති ම`ගින් වෙනස්වන තත්වයන්ට අනුකූලව හො`දින් සැලසුම් කර ක‍්‍රියාත්මක කරන විට සහ නිරන්තර පරීක්ෂාවන් තුළින් සංශෝධනයන් සිදු කරන විට ඖෂධ නිෂ්පාදනයන්හි දැරිය හැකි මිල ඉහළ යන බවයි. (2020- දේශීය ඖෂධ මිල ප‍්‍රතිපත්ති පිළිබ`ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශය)

ඖෂධ කර්මාන්තයේ ආචාර ධර්ම

කර්මාන්ත ප‍්‍රමිතීන් ඒකාකාරීව පවත්වාගෙන යාම සඳහා ආචාර ධර්ම රාමුවක් ඖෂධ කර්මාන්තයේ තිරසරභාවය වෙනුවෙන් අත්‍යාවශ්‍ය වේ. ස්වයං නියාමනයක අවශ්‍යතාව මෙකී සංසදය විසින් හඳුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සදාචාරාත්මක නොවන භාවිතයන් ඇමතීමට එය ඉතා වැදගත් වේ. සදාචාරාත්මක අලෙවිකරණ ප‍්‍රවර්ධනය, ඖෂධ නියම කිරීම සහ සමස්තයක් ලෙස සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ යහපත් ප‍්‍රතිරූපයට බලපානු ලබන කරුණු පිළිබ`දව දැනුවත් කිරීම සදහා වෛද්‍ය ක්ෂේත‍්‍රයේ පාර්ශවකරුවන් සම`ග කටයුතු කිරීමට ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය කැපවී සිටියි.

වසර ගණනාවක් තිස්සේ නීති, රෙගුලාසි හා කර්මාන්ත ව්‍යවස්ථා පිළිබඳ මනා පුහුණුවක් ලබා ඇති බව සහතික කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය විසින් ඖෂධ නියෝජිතයන් අතර සදාචාරාත්මක ඖෂධ භාවිතයන් ප‍්‍රවර්ධනය කිරීම ස`දහා වැඩමුලූ සහ පාඨමාලා පවත්වා ඇත. මේ අතර ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයෙහි සාමාජික සමාගම් කිහිපයක් පාරිභෝගිකයන් වෙත ඖෂධ බෙදා හැරීම සම්බන්ධයෙන් ඖෂධවේදීන් ස`දහා පුහුණුව ලබා දීම වෙනුවෙන්ද ඉදිරි පියවරක් තබා තිබීම විශේෂත්වයකි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ උප සභාපති සංජීව විජේසේකර මහතා ‘‘ඖෂධ නියෝජිතයන්ගේ හැසිරීම් ප‍්‍රමිතිකරණය කිරීම සහ රාජ්‍ය හවුල්කරුවන් සම`ග එක් වෙමින් ආචාර ධර්ම රාමුවක් සකස්කර ක‍්‍රියාවට නැංවීම ස`දහා වෛද්‍යවරු හා සෞඛ්‍ය වෘත්තීයවේදීන් සම`ග කටයුතු කිරීමට ඉදිරි වර්ෂයේ අපගේ අවධානය යොමු වී තිබෙනවා.’’ යනුවෙන් පැවසුවේය.

අනාගතය කෙසේ සිදුවේද?

Covid – 19 වසංගතය මෙම කර්මාන්තය සඳහා තීරණාත්මක වසරක් උදා කර දී ඇති අතර සියලූම අංශයන්හි ආයතනයන් හට තම ගනුදෙනුකරුවන්ගේ ඩිජිටල්කරණය සහ සැපයුම් දාම අන්තර් ක‍්‍රියාකාරීත්වය ඉහළ නැංවිය යුතු අතර ඉදිරි වසර 3ක් හෝ 4ක් ඔවුන්ගේ අභ්‍යන්තර මෙහෙයුම් කඩිනම් කළ යුතුය. (මැකින්ස් 2020)

ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ උප සභාපති සංජීව විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ නැගී එන තාක්ෂණයන් යොදා ගනිමින් ඖෂධ අංශය යහපත් පරිවර්තනයකට ලක් කරමින් සිටින බවත් සාමාජිකයන් ඔවුන්ගේ එදිනෙදා මෙහෙයුම්වලදී මෙම නව්‍ය තාක්ෂණය එක් කර ගන්නා බවත්ය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ‘‘නව ඖෂධයන්හි අවශ්‍යතාව, වැඩි දියුණු කළ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ අත්‍යවශ්‍ය ඖෂධ, භාවිත කළ හැකි උපකරණ සහ ඩිජිටල් ප‍්‍රතිකර්ම වැනි ක්ෂේත‍්‍රයන්හි නවෝත්පාදනයන් අතර සමතුලතභාවයක් පවත්වා ගැනීමට ඖෂධ කර්මාන්තය උත්සාහ කරනවා ’’යනුවෙන්ද පැවසීය.

ශ‍්‍රී ලංකාවේ වේගයෙන් වයස්ගත වන ජනගහනය සහ බෝ නොවන රෝග ඉහළ යාම හේතුවෙන් ඖෂධ සහ වෛද්‍ය ප‍්‍රතිකාර ස`දහා ඇති ඉල්ලූමද ඉහළ යමින් පවතී.

‘‘ශ‍්‍රී ලාංකිකයන් වෙත ගුණාත්මක ඖෂධ ලබා දීමේ දැක්ම වෙනුවෙන් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය නිරන්තරයෙන් කැපවී සිටින අතර එය සහතික කිරීම වෙනුවෙන් අපගේ පද්ධති වැඩි දියුණු කළ යුතුයි. පාරිභෝගික මට්ටමින්, ඔවුන් කැමති ජීවන රටාවන් අවබෝධ කර ගැනීම ම`ගින් ඔවුන්ගේ ජීවන තත්වයන් කෙරෙහි ඇති කළ හැකි බලපෑම පිළිබ`දව ජනතාව දැනුවත් කිරීම සහ තවත් බොහෝ දේ අපට කළ හැකියි. සියලූම පාර්ශවකරුවන් විසින් අනුගමනය කරනු ලබන පරිපූර්ණ උපාය මාර්ගයක් තුළින් සැබැවින්ම ධනාත්මක ප‍්‍රතිඵලයක් ලබා ගත හැකි වනු ඇතැයි මා විශ්වාස කරනවා.’’ යනුවෙන්ද විජේසේකර මහතා පවසා සිටින ලදී.

ශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය පිළිබඳව

පෞද්ගලික ඖෂධ කර්මාන්තයේ 80%කට වැඩි නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදා හරින්නන් හා වෙළෙඳ ආයතනයන්ගෙන් සමන්විත සාමාජිකයන් 60කට අධික සංඛ්‍යාවක නියෝජිතයා ලෙස ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය කටයුතු කරනු ලබයි. මෙම පාර්ශවකරුවන් විසින් ශ‍්‍රී ලංකාවේ රෝගීන් වෙනුවෙන් ලොව පුරා නිෂ්පාදකයන් 365කට අධික සංඛ්‍යාවක් තුළින් ඖෂධ දැඩි නියාමනය යටතේ ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කරනු ලබයි.

Visits: 58