යුක්රේනයෙන් ආ සංචාරක කණ්ඩායමක් සීගිරිය නරඹයි (ඡායාරූප)

කොවිඩ් වසංගත ව්‍යාප්තියෙන් පසු විදේශිකයන් වෙනුවෙන් රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ පළමු මෙරටට පැමිණි යුක්රේන සංචාරක කණ්ඩායමක් පසුගිය 18 දා සීගිරිය නැරඹීමට එක් වූ බව සීගිරිය මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

ඒ අනුව යුක්‍රේන ජාතික මෙම කණ්ඩායමේ පැමිණීම වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, සීගිරිය ව්‍යාපෘතිය සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට යටත්ව ක්‍රමවත්ව වැඩසටහනක් සංවිධානය කර තිබුණු බව බලධාරීන් පවසයි.. මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, සීගිරිය පොලිස් ස්ථානය, දඹුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ සීගිරිය පුරාවිද්‍යා කලාප කාර්යාලය මෙම කාර්‍යය සදහා දායකත්වය ලබා දී තිබේ.

දේශීය සංචාරකයන්ට ද සීගිරිය විවෘත ව තැබුණු අතර, ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු බව සඳහන් වෙයි. ව්‍යාපෘති කාර්යය මණ්ඩලය ද නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කල අතර, පැමිණි පළමු විදේශීය සංචාරකයින් වෙනුවෙන් සාර්ථක ගමනාන්තයක් ලබාදීමට ව්‍යාපෘති කළමනාකාරීත්වයට හැකි යාව ලැබුණු බවද පවසයි.

Visits: 87