Keells Krest සිය නිෂ්පාදන පෙළට “Keells Krest Dhaiya rice” එක්කරයි

රසවත්, පෝෂ්‍යදායී සහ පහසුවෙන් පිසගත හැකි ආහාර නිෂ්පාදන හදුන්වා දීමේ ප්‍රමුඛයකු වශයෙන් ජනාදරයට පාත්‍රව සිටින කීල්ස් ෆුඩ් ප්‍රොඩක්ට්ස් හි Keells Krest සන්නාමය, පසුගියදා “Keells Krest Dhaiya rice” නමින් තවත් ප්‍රනීත නිෂ්පාදනයක් වෙළඳපොළට නිකුත් කරන ලද බව පවසයි.

මෙරට සැකසූ ආහාර ක්‍ෂේත්‍රයේ දශක තුනක පළපුරුද්දක් ඇති කීල්ස් ෆුඩ් ප්‍රොඩක්ට්ස් සමාගම, නව “Keells Krest” නිෂ්පාදනය බෙදාහරිනු ලබන අතර, ඔවුන්ගේ අනෙකුත් Keells Krest නිෂ්පාදන සේම “Keells Krest Dhaiya rice” නිෂ්පාදනය ද පාරිභෝගිකයන් වඩාත් ඇලුම් කරන රසවත් ආහාරයක් වනු ඇත.

මෙම නව “Keells Krest Dhaiya rice” නිෂ්පාදනය 100%ක්ම දේශීය නවෝත්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වන අතර එය විනාඩි 5ක් වැනි කෙටි කාලයක් තුලදී සකසා ගත හැකි, රස නහර පිනා යන තෘප්තිමත් බත් වේලක් රසවිඳීමට ප්‍රිය කරන පවුලේ සැමට සරිලන ආහාරයකි.

“Keells Krest Dhaiya rice” නිෂ්පාදනය රස අංකුර උද්දීපනය කරන නැවුම් සුවඳකින් යුක්ත වන අතර, එය කුළුබඩු පදමට මිශ්‍ර වූ ‘සේවරී’ රසයෙන් අනූන බත් වේලක රසය ඔබට පිළිගන්වයි.
මෙම නවමු නිෂ්පාදනය ග්‍රෑම් 90 පැකට් වශයෙන් වෙළද පොළට නිකුත් කර ඇති අතර රු.65ක් වැනි අවම මිලකට මිලදී ගත හැකි, පාරිභෝගිකයා වැය කරන මුදලට වටිනාකමක් එක් කරන නිෂ්පාදනයකි.

කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරි / ජෝන් කීල්ස් සමුහයේ උප සභාපති සුමුදු තන්තිරිගොඩ මහතා මේ පිලිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, ” Keells Krest Dhaiya rice නිෂ්පාදනය නිරතුරුවම නව රසයන් සහ සූපශාස්ත්‍ර ප්‍රවණතා හඹා යන අපගේ පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් හදුනාගනිමින් නිෂ්පාදනය කරන ලද Keells Krest පවුලට එක් වූ නවතම නිපැයුම වනවා. ශ්‍රී ලාංකිකයින් ප්‍රිය කරන කුළුබඩු රස පදමින් සපිරි “Keells Krest Dhaiya rice” ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇති අතර පාරිභෝගිකයින්ට ඔවුන්ගේ නිවසේදී ම රස විඳීමට හැකි කෘත්‍රිම අමුද්‍රව්‍ය අඩංගු නොවන පෝෂණීය නිෂ්පාදනයක් වේ,” යනුවෙනි.

ජාත්‍යන්තර ප්‍රමිතිගත යන්ත්‍රෝපකරණ වලින් සමන්විත පන්නල පිහිටි සමාගමේ අති නවීන කර්මාන්ත ශාලාව තුල ISO 9001 සහ 22000 යන ප්‍රමිතීන්ට අනුකුලව නිපදවෙන “Keells Krest” නිෂ්පාදන MSG වලින් තොර වන අතර, කිසිදු ජානමය වෙනස් කිරීම් කරන ලද අමුද්‍රව්‍යක් යොදාගෙන නොමැත.

Visits: 65