HNB බැංකුව ‘සෑම ශ්‍රී ලාංකිකයෙකුටම බැංකුකරුවෙක්’ වැඩසටහන දියත් කරයි

තමන් සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙරට අද්විතීය හා සුවිශේෂී ව්‍යවසායකයින් ලබා ගත් ජයග‍්‍රහණ සමරනු වස් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව වන HNB ‘සෑම ශ්‍රී ලාංකිකයෙකුටම බැංකුකරුවෙක්’ යන සිය නවතම වැඩසටහන දියත් කළ බව නිවේදනය කරයි.

HNB සම්බන්ධ වී සිටින සියලූම සමාජ මාධ්‍ය වේදිකා හරහා දියත් කළ මෙම නවතම වැඩසටහන මගින් එදා මෙදා තුර බැංකුවේ සුවිශේෂී වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පදනම තමන් පැමිණි ව්‍යාපාරික ගමන් මග සහ ලබා ගත් ජයග‍්‍රහණ පිළිබඳව විශේෂයෙන් පිළිබිඹු කරයි.

‘‘රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදනයෙන් හරි අඩකට වඩා මෙන්ම සමස්ත සේවා නියුක්තියෙන් 45% ක් සඳහා විශාල දායකත්වයක් ලබා දෙන අංශයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යනු ශ්‍රී ලංකා ආර්ථිකයේ ජීවනාලියයි. බැංකුවක් සතු විශාලතම සුළු හා මධ්‍ය පරිමාණ සේවාදායක කළඹට හිමිකම් කියන HNB මෙම ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් දිර්ඝ කාලයක් තිස්සේ කටයුතු කර ඇති නිසා ඔවුන් වෙනුවෙන් හැකි උපරිම සහයෝගයක් ලබා දීම අපගේ වගකීම යැයි අප විශ්වාස කරනවා. “ බැංකුව පවසයි.

මෙම නවතම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් HNB හි පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා ‘‘මෙම වැඩසටහන තුළින් අප බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ වඩාත් සාර්ථක ව්‍යවසායන් කිහිපයක ව්‍යාපාරික ගමන්මග පෙන්වීමට අන්තර්ජාල අවකාශයක් නිර්මාණ කිරීමටයි. එමගින් ඔවුන්ගේ වෙළෙඳ සන්නාමය තව තවත් ඔසවා තැබීමටත් ඔවුන්ගේ ව්‍යාපාරවල දියුණුව අඛණ්ඩව පවත්වා ගැනීමට උපකාර කිරීමටත් අපට හැකි වනවා. ඒවගේම තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින අනෙක් පුද්ගලයින්ට ද එය විශාල ධෛර්යයක් වේවි. මෙය අභියෝගාත්මක කාල පරිච්ෙඡ්දයක් වුවත් විශ්වාසයෙන් යුතුව ශක්තිමත්ව නැගී සිටීමට ඔබ තබන සෑම පියවරකදීම අප ඔබ සමඟ සිටිනවා.’’ යනුවෙන් පැවසුවේය.

1989 දී ‘ගැමි පුබුදුව’ සංකල්පය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ටම විශේෂ වූ බැංකු හා මූල්‍ය සේවාවක් ස්ථාපිත කළ මෙරට පුද්ගලික අංශයේ පළමු බැංකුව වූයේ HNB ය.

දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී ප‍්‍රජාවට විශේෂ මූල්‍ය සේවා සැපයීමට අමතරව HNB පරම්පරා ගණනාවක් තිස්සේ තම ව්‍යාපාර සාර්ථකව අඛණ්ඩව පවත්වා ගෙන සුළු හා මධ්‍ය පරිමාණ සේවාදායකයින්ට අවශ්‍ය දැනුමින් හා කුසලතාවලින් සවිබල ගැන්වීමට ද කටයුතු කරයි.

එමෙන්ම උපදේශන සේවාවලට අමතරව තම ව්‍යාපාර කටයුතු දේශීය මෙන්ම අපනයන වෙළෙඳපොළ දක්වා ව්‍යාප්ත කිරීමට ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සහාය ද  බැංකුව ලබා දෙයි.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මෙරට ආර්ථිකයේ තීරණාත්මක අංශ සඳහා තිරසාර මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා පුළුල් වූ මූල්‍ය සම්පත් හා තාක්ෂණික හැකියාවන් උපරිම ලෙස යොදා ගැනීමට බැංකුව දරණ ප‍්‍රයත්නය උදෙසා HNB  දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද අඛණ්ඩව සම්මානයට පාත‍්‍ර වී ඇත.

COVID-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයින් හා ව්‍යවසායකයින්ට අවශ්‍ය කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා රජය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ එක්ව පිහිට වූ සෞභාග්‍යා කොවිඞ්-19 පුනරුද සහන ණය යෝජනා ක‍්‍රමය යටතේ HNB රුපියල් බිලියන 5ක සහන අරමුදලක් ද දියත් කළේය.

මේ අනුව රජයේ ණය යෝජනා ක‍්‍රමවලින් ණය මුදල් ලබා ගැනීමට නොහැකි වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට HNB හි මෙම කොවිඞ් සහන අරමුදලෙන් සහන පොළී අනුපාතයකට කාරක ප‍්‍රාග්ධණ ණයක් ලබා ගැනීමට ද බැංකුව අවස්ථාව ලබා දුන්නේය.

මේ ආකාරයට, කොවිඞ් වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය මූල්‍ය සහාය ලබා දීමේ රජයේ අරමුණට HNB තමන්ටම අයත් අභ්‍යන්තර අරමුදලක් මගින් සහාය වීම විශේෂයෙන් කැපී පෙනේ.

එමෙන්ම මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා ප‍්‍රංශ සංවර්ධන බැංකුවට Agence Française de Développement (AFD) අනුබද්ධිත සංවර්ධන මූල්‍ය ආයතනයක් වන PROPARCO සමඟ ඩොලර් මිලියන 60ක දිගු කාලීන ණය ගිවිසුමකට එළැඹීමට ද මෑතකදී HNB හට හැකි විය.

ශ්‍රී ලංකාවේ වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවක් ලෙස සිය කාර්යභාරය සැලකිල්ලට ගෙන ලොක්ඩවුන් කාල පරිච්ඡේදය පුරාවට අඛණ්ඩවම පුළුල් පරාසයක ඩිජිටල් බැංකු සේවා සහතික කිරීමට HNB සමත් විය. මෙම සේවා අතර කාඞ්පත් මඟින් සිදු කරන ගෙවීම් සඳහා බ්ලූටූත් (Bluetooth) උපාංගය මඟින් ක‍්‍රියාත්මක වන අඩු වියදම් HNB MOMO විසඳුම සහ QR කේතය පදනම් කරගත් බැංකුවේ ප‍්‍රධානතම ජංගම ගෙවීම් යෙදවුම වන HNB SOLO හරහා පරිශීලකයින්ට ආරක්ෂිතව ස්පර්ශයෙන් තොර ගනුදෙනු කටයුතු කිරීමේ හැකියාව ලබා දෙයි.

මීට අමතරව බැංකුවේ AppiGo විප්ලවීය අන්තර්ජාල භාණ්ඩ හා සේවා විකුණුම් වේදිකාව සමඟ සම්බන්ධ වීම මගින්  ඕනෑම ව්‍යාපාරයකට පහසුවෙන් හා ඉක්මනින් අඛණ්ඩව ඉ-වානිජ්‍ය (e-commerce) හැකියාවන් පිහිටුවීමට අවස්ථාව ලබා දෙයි.

පාරිභෝගික මධ්‍යස්ථාන 252ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන HNB මෑතකදී, Fitch ratings මගින් HNB හි ජාතික දිගු කාලීන වර්ගීකරණය සංශෝධනයට ලක් කළ අතර එහිදී Fitch ratings හි ස්ථාන දෙකක් ඉහළට පැමිණෙමින් ‘AA+(lka)’ ණය ශ්‍රේණිය හිමි කර ගැනීමට HNB සමත් විය.

Visits: 185