මෙල්ස්ටාකෝර්ප් සමාගම DCSL හි කොටස් 50,000ක් විකුණයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම සිය පරිපාලිත සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සීහි තමන් සතුව තිබූ කොටස් 50,000ක් අලෙවි කර ඇතැයි පවසයි.

පසුගිය ජනවාරි 11 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ. මෙහිදී එක් කොටසක් රුපියල් 23 බැගින් අලෙවි කෙරී ඇති අතර සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් 1,150,000 කි.

ඒ අනුව මෙම කොටස් අලෙවියෙන් පසුව ඩිස්ටිලරීස් ඔෆ් කම්පැනි ශ්‍රී ලංකාහි මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සතු කොටස් ප්‍රමාණය කොටස් 4,252,959,164ක් එනම් 92.4556%ක් ලෙස සටහන්ව තිබේ. 2020 මාර්තු 31 වැනිදා වනවිට මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සතුව තිබූ ඩිස්ටිලරීස් ඔෆ් කම්පැනි ශ්‍රී ලංකා පීඑල්සී  කොටස් ප්‍රමාණය 4,253,009,164ක් විය.

මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකාහි පළමු කොටස් හිමිකරුවා වූ අතර දෙවැනි තැන මිල්ෆෝර්ඩ් එක්ස්පෝර්ට් (සිලෝන්) පෞද්ගලික සමාගමට (3.21%) හිමිව තිබේ.  එසේම තෙවැනි තැන ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී (0.98%) වෙත හිමිව ඇත. මෙම සමාගම් තුන මෙන්ම ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකාහි හිමිකාරීත්වය දරන්නේ මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාය.

Visits: 535