2015න් පසුව පළමු වරට සියලු කොටස් මිල දර්ශකය 7000 සීමාව පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) 2015න් පසු ප්‍රථම වරට ඒකක 7,000 කඩඉම පසුකර 7,036.76 ක් ලෙස අවසන් විය.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට 2010 ඔක්තෝබර් 01 දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,000 සීමාව පසු කරන ලද අතර 2011 පෙබරවාරි 14 වන දින ඉතිහාසයේ ඉහළම අගය වන 7,811.80 ක් වාර් තා විය. 2020 සිට ප්‍රගතියක් දැක් වූ සියලු කොටස් මිල දර්ශකය2021 වර්ෂයේ පළමු දින 3 තුළ 4% ක වර්ධනයක් වාර්තා කළ අතර වෙළඳපල සමස්ත පිරිවැටුම රු. බිලියන 18 කි.වසර 10කින් පසු 2020 මැයි 12 වන දින අවම මට්ටමට ළඟා වීමෙන් පසු 66% ක වර්ධනයක් වාර්තා කර ඇත.

විශාලතම හා වඩාත්ම ද්‍රවශීලතම කොටස් 20කින් සමන්විත වන S&P SL 20 දර්ශකය ද අද දිනයෙහි අගය 4 කින් පහත වැටුණද එමෙන්ම 2020 මාර්තු මාසයේදී වසංගතය හේතුවෙන් පහළ ගියදපසුගිය දින 3 තුළ 2.4% ක වර් ධනයක් ලගා කරගනිමින්, 2020 පෙබරවාරි මාසයේ25 න් පසු ඉහළම අගයවන 2,702.15අද දිනයවාර්තා කරමින් වෙළද ගනුදෙනු අවසන් විය.

කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත වෙළඳපල ප්‍රාග්ධනීකරණය පළමු දින 3 තුළදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ අතර රුපියල් බිලියන 115 ක් සමස්ත අගයට එකතු කරමින් දිනය අවසානයේදී රුපියල් ට්‍රිලියන 3.08 ක් ලෙස සටහන් විය. මෙය 2018 අප්‍රේල් මසට පසු වාර්තා වූ ඉහළම අගයයි.

සමස්ත වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස්හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසා සිටියේ, “පසුගිය වසර මැද භාගයේ සිට නව වසර දක්වා අඛණ්ඩව ඉහළ පරිමාවන් සහ වෙළඳ ක්‍රියාකාරකම් වාර්තාවීම නිසා අප බෙහෙවින්ම දිරිමත් කරනවා. අඛණ්ඩව අඩු පොලී අනුපාත පරිසරයයක් තුල කොටස් වෙළඳපොළට අරමුදල් ගලා ඒමට හේතු වී තිබෙනවා. කොටස් වෙළඳපොළට වඩාත් ප්‍රවේශ විය හැකි වන පරිදි වෙළඳපල නියාමක ආයතන, කොටස් තැරැව්කරුවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ අපි දිගටමකටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

Visits: 82