MTD Walkers හා ලක්මා හෝල්ඩිංග්ස් අතර එකඟතාව අත්හිටුවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන MTD Walkers පීඑල්සී සමාගමේ කොටස් අලෙවි කිරීමක් සහ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ලක්මා හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම හා ඇති කරගත් එකඟතාව අත්හිටුවීමට තීරණය කර ඇතැයි එම සමාගම පවසයි.

2020 අගෝස්තු 20 වැනිදා අදාළ කොටස්  අලෙවි කිරීම සහ මිලදී ගැනීම පිළිබඳව එකඟතාව අත්සන් තැබුණි.

එහෙත් MTD Walkers පීඑල්සී සමාගමේ ප්‍රධාන කොටස්හිමිකරුවා වන මැලේසියාවේ MTD Capital Bhd. සමාගම මගින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම කොටස් අලෙවි කිරීම සහ මිලදී ගැනීම සඳහා වන එකඟතාව අත්හිටුවීම කටයුතු කරන බව සමාගම සඳහන් කරයි.

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ  හිමිකාරීත්වයෙන් යුත් ලක්මා හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම ඉදිරිපත් කළ මෙම එකඟතාව යටතේ MTD Walkers පීඑල්සී සමාගමේ කොටස් 152,183,583ක් එනම් 90.78%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීම සඳහා යොමු විය.

පෙර ලිපිය
එම්.ටී.ඩී. වෝල්කර්ස් පීඑල්සී මිලදී ගැනීමට ලක්මා හෝල්ඩිංග්ස් එකඟතාවක

Visits: 131