සිලෝන් ප්‍රින්ටර්ස්, ඔෆිස් ඉක්විප්මන්ට් සහ පැරගොන් සිලෝන් කොටස් ගනුදෙනු දෙසැ. ‍23 දා සිට අත්හිටුවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම්  තුනක් වන සිලෝන් ප්‍රින්ටර්ස් පීඑල්සී, ඔෆීස් ඉක්විප්මන්ට් පීඑල්සී සහ පැරගොන් සිලෝන් පීඑල්සී යන සමාගම්හි කොටස් ගනුදෙනු 2020 දෙසැම්බර් 23 වැනිදා සිට අත්හිටුවීමට තීරණය කළ බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි සමාගම් ලැයිස්තුගත කිරිම පිළිබඳ රීතීන්හි 7.4 රීතිය යටතේ මෙම මෙම තීරණය ගෙන තිබේ.

මේ දක්වා එම සමාගම් එහි Watch List ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි. 2020 ජුනි 30 වැනිදායින් අවසන් වූ කාර්තුව සඳහා එම සමාගම් වෙතින් සිය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර නොතිබීම මෙලෙස එම Watch List ලැයිස්තුවට එම සමාගම් ඇතුළත් කර තිබීමට හේතුව විය.

මෙලෙස ගනුදෙනු අත්හිටුවීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව පසුගිය දෙසැම්බර් 14 වැනිදා අදාළ සමාගම් වෙත දැනුම් දීමක් සිදු කළ අතර, එවැනි අවස්ථාවක් වළක්වා ගැනීම සඳහා එම සමාගම් දෙසැම්බර් 22 වැනිදාට පෙර ඒවායේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතුව තිබුණි.

කෙසේ වෙතත් මෙම දිනයේදී හෝ ඊට පෙර සිලෝන් ප්‍රින්ටර්ස්, ඔෆිස් ඉක්විප්මන්ට් සහ පැරගොන් සිලෝන් යන සමාගම් සිය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත් සමගින්ම දෙසැම්බර් 23 වැනිදා සිට ඒවායේ ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් හුවමාරුව මෙලෙස තීරණය කර ඇත.

Visits: 319