සේනා දළඹු උවදුර විමර්ශණයට ජනපති වගා බිමට යයි

සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට ගිය බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

සේනා දළඹු උවදුර නිසා බඩඉරිගු වගාවට හානි වීමෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. මේ වසරේ ද දළඹු උවදුරින් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති අතර, අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව ගොවීන් ජනාධිපතිතුමා සමඟ පවසා තිබේ.

එසේම වගාබිම්වලට ඇති, වන අලි තර්ජනය පිළිබඳවද ගොවීන් විසින් ජනාධිපතිතුමා දැනුවත් කළ බව  පැවසෙයි.

මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ ජනාධිපතිතුමා සමග මේ අවස්ථාවට වැඩම කර තිබේ.

මේ අතර, වගා බිම්වලට පැමිණ, තමන් මුහුණ දී ඇති දුෂ්කරතා සොයා බැලීම පිළිබඳව ගොවීහු ජනාධිපතිතුමාට ප්‍රසාදය පළ බවත් ජනපති මාධ්‍ය අංශය පවසයි.

Visits: 54