realme සමාගම C15 දුරකථනය හඳුන්වාදෙමින් ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ අණසක පතුරුවයි

ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළට පිවිස වසර දෙකක් ඇතුළත වේගයෙන් වෙළෙඳපොළ අත්පත් කරගනිමින් සිටින ‘realme’ ජංගම දුරකථන සන්නාමය, මෙරට තාරුණ්‍යය වෙනුවෙන් පහසු හා නව්‍යකරණ ජංගම දුරකථන හා උපාංග පෙළක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. 2020 වසරේ සිව්වැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් realme, තාරුණ්‍යයේ වෙළෙඳපොළ වේගයෙන් තම ග්‍රහණයට ගනිමින් සිටීම කැපීපෙනේ. විශේෂයෙන් ම මෙරට ස්මාට් ජංගම දුරකථන භාවිත කරන තරුණ පිරිස් සවිබල ගැන්වීමේ අරමුණින් realme මෙරට වෙළෙඳපොළට අවතීර්ණ වූයේ ද නවීනතම දෘඪාංග හා මෘදුකාංග සම්මිශ්‍රණයකින් මෙන්ම ආකර්ෂණීය මිල ගණන් යටතේ ඉදිරිපත් කර ඇති C series දුරකථන පෙළ හරහා ය.  

පැය 26 සිට 119 දක්වා භාවිත කාලයක් ලැබෙන 6,000 mAh අධිබල බැටරිය  

වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ මාර්ගගත ඉගෙනුම් කටයුතු, සංගීත රසවින්දනය, චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය නැරඹීම සහ වීඩියෝ ක්‍රීඩාවල නිරතවීම ආදිය සඳහා ස්මාර්ට් ජංගම දුරකථන බහුලව භාවිත කෙරේ. එවැනි කාර්යයක් රැසක් ඉටුකරගැනීමේදී වැඩි ධාරිතාවක් සහිත බැටරියක් පැවතීම අතිශය වැදගත් ය. එම අවශ්‍යතාව නිවැරදිව හඳුනා ගනිමින් C15 දුරකථනය 6,000 mAh බැටරියක් සමඟ නිපදවා තිබේ. ඒ හරහා පැය 14කට වැඩි MLBB (Mobile Legends: Bang Bang) වීඩියෝ ක්‍රීඩා කාලයක්, පැය 26.8කට වැඩි මාර්ගගත චිත්‍රපට නැරඹුම් කාලයක්, පැය 119ක මාර්ගගත සංගීත රසවිඳීමේ කාලයක් ද පරිශීලකයින්ට හිමි වේ. ඊට අමතරව 18W ක්ෂණික ආරෝපණ (quick charging) හැකියාවෙන් ද යුතු නිසා මිනිත්තු 30ක් ඇතුළත C15 දුරකථනයේ 28%ක බැටරි ධාරිතාවක් ලබාගැනීමේ හැකියාව පවතී.

C15 දුරකථනයේ බැටරි ධාරිතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ‘App Quick Freeze’ නමින් තවත් විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. එමගින් භාවිත නොකරන දුරකථන යෙදවුම් (apps), දුරකථන පසුබිමින් ඉවත් කෙරේ. තව ද බැටරි ආයුකාලය වර්ධනය කිරීම සඳහා ක්‍රමානුකූලව ජංගම දුරකථන තිරයේ අධි බැටරි පරිභෝජනය අඩු කිරීමේ Screen Battery Optimization තාක්ෂණය ද මෙම දුරකථනයේ අන්තර්ගත වේ. මේ අතර මයික්‍රො OTG කේබල් එකක් හරහා වෙනත් ජංගම දුරකථන ආරෝපණය කිරීමේ හැකියාව (reverse charging) පැවතීම ද මෙම ජංගම දුරකථනයේ තවත් විශේෂත්වයකි.

උසස් ප්‍රමිතියේ දුරකථන තිරයක් සමඟ කෘතිම බුද්ධි තාක්ෂණයෙන් බලගැන්වූ කැමරා කාච හතර

C15 දුරකථනයේ f/2.2 aperture සහ 4x zoom තාක්ෂණය සමඟින් ඕනෑම ස්ථානයක, ඕනෑම වේලාවකදී සුපැහැදිලි ඡායාරූප ලබාගත හැකි මෙගා පික්සල් 13 ප්‍රධාන කැමරාවක් අඩංගු වේ. ඊට අමතරව පැනොරාමා ඡායාරූප ලබාගත හැකි අංශක 119ක පරාසයක් හසු කරගත හැකි මෙගා පික්සල් 8 අල්ට්‍රා වයිඩ් කැමරා කාචයක් ද එහි පවතී. ඊට අමතරව B&W සහ Retro කැමරා කාච මගින් කලාත්මක ඡායාරූප ලබාගැනීමේ හැකියාව ඇත. කෘතිම බුද්ධියෙන් බලගැන්වූ පසුපස කැමරාවෙන් ඡායාරූප අලංකරණ, HDR mode, portrait mode හා Panoselfie විශේෂාංග අත්විඳිය හැක.

realme C15 දුරකථනය සතු අඟල් 6.5ක HD සහ mini-drop තිරය ද ස්මාර්ට් දුරකථන අත්දැකීම තවත් ඉහළ නැංවීමට සමත් ය. තව ද 88.7%ක screen-to-body අනුපාතයක් රැගත් මෙම දුරකථනය, චිත්‍රපට නැරඹීම සහ වීඩියෝ ක්‍රීඩා සඳහා ද සුපිරි අත්දැකීමක් සමීප කරවීමට සමත් ය.

ජවසම්පන්න හා ගතික නිමැවුම

realme C15-Qualcomm ජංගම දුරකථනය සුවිශේෂී ජ්‍යාමිතික හැඩයකින් නිර්මාණය කර තිබේ. දුරකථනයේ පසුපස කවරය ත්‍රපීසියම ආකාරයේ හැඩ රටාවන්ගෙන් සරසා ඇත්තේ අපූරු වර්ණ සම්මිශ්‍රණයක් එක් කරමිනි. විවිධ කෝණයන්ට අනුව එම වර්ණ රටා වෙනස් වෙමින් විශිෂ්ට පෙනුමක් දුරකථනය ලබාදීමට එය සමත් ය. සාමාන්‍ය මෙන්ම විශ්වාස කළ නොහැකි අන්දමේ වර්ණ සංකලනයක් සමඟ දර්ශනීය පෙනුමක් ලබාදීමට මෙම ජ්‍යාමිතික හැඩ රටා සමත්ව තිබේ. එමෙන්ම realme C15 දුරකථනය, තාරුණ්‍යයට හොඳින් ගැලපෙන මැරීන් බ්ලූ සහ සීගල් සිල්වර් යන වර්ණවලින් එළිදක්වා ඇත.

සුපිරි වේගයක් සමඟ ඉහළ ක්‍රියාකාරීත්වයක්

realme C15 දුරකථනය සතු Qualcomm Snapdragon 460 චිප්සෙට් පද්ධතිය හේතුවෙන් ඊට 1.8 GHz වේගයක් හිමිව තිබේ. එමෙන්ම දුරකථනයේ octa-core ප්‍රොසෙසරය ද ඉහළ ක්‍රියාකාරීත්වයක් පිරිනමයි. ඊට අමතරව එහි අන්තර්ගත 4GB LPDDR4X RAM හා 64GB ධාරිතාව ද (මයික්‍රො එස්ඩී කාඩ්පතක් හරහා එය 256GB දක්වා ඉහළ නැංවිය හැක) එහි වේගය හා ක්‍රියාකාරීත්වය වැඩි කර ඇත.

ඇන්ඩ්‍රොයිඩ් 10 මෙහෙයුම් පද්ධතිය තුළ realme UI එකක් සමඟින් ක්‍රියාත්මක වන මෙම දුරකථයේ ඇති dark mode තාක්ෂණය, දිගු කාලයක් දුරකථනය භාවිත කිරීමේදී පරිශීලකයින්ගේ ඇස්වලට සිදුවන බලපෑම ද අවම කරයි.දිවයින පුරා අබාන්ස්, සිංහගිරි, ඩයලොග් සහ වෙනත් realme බලය ලත් අලෙවි නියෝජිතයින්ගෙන් realme C15 නවතම ජංගම දුරකථනය මිලදී ගත හැක. එමෙන්ම Daraz ඉ-වාණිජ වෙළෙඳපොළ තුළ පවතින realme අලෙවි අවකාශය (https://www.daraz.lk/products/realme-c15-i113328358-s1024376703.html?search=store&mp=3) හරහා ද එය මිලදීගත හැක.

Visits: 99