HNB බිස්නස් ටුඩේ ශ්‍රේණිගත කිරීම්වල ඉහලම සමාගම් ත්‍රිත්වය අතරට

කොවිඞ් වසංගතය හේතුවෙන් පවතින අස්ථාවර පසුබිම හමුවේ වුවද ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රය තුළ සිය විශිෂ්ටත්වය සහ ඩිජිටල් නවෝත්පාදනය උදෙසා වන අද්විතීය කිර්තිනාමය නැවතත් තහවුරු කරමින් මෙරට වඩාත් ජනප‍්‍රියතම පාරිභෝගික බැංකුව වනන හැටන් නැෂනල් බැංකුව බිස්නස් ටුඬේ සඟරාව විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ හොදම සමාගම් 30 (Business Today Top 30) ශ්‍රේණිගත කිරීම් හි ඉහලම සමාගම් ත‍්‍රිත්වය අතරට තේරී පත් වී ඇතැයි පවසයි.

මෙම වසරේ ශ්‍රේණිගත කිරීම් සඳහා නම් කරන ලද සෑම ආයතනයක්ම ඔවුන්ගේ වර්ධනයේ ගුණාත්මකභාවය, ආයතනික පාලනය හා දිගු කාලිීන දැක්ම යන කරුණු මත පදනම්ව තක්සේරු කිරීමකට ලක් කරන ලදී. මෙම සමාලෝචන කාල පරිච්ෙඡ්දය තුළදී, HNB හි ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය, නවීන තාක්ෂණය සමඟ කැටිවූ හැකියාවන් හඳුන්වා දීමට ඇති හැකියාව, විශිෂ්ට බැංකු සේවාවන් ආදි සාධක ද බිස්නස් ටුඬේ Top 30 නවතම ශ්‍රේණිගත කිරීම්වල ඉහලම සමාගම් ත‍්‍රිත්වය අතරට පැමිණීමට ඉවහල් විය.

‘‘බිස්නස් ටුඬේ හොදම සමාගම් 30 අතරින් ඉහලම සමාගම් තුන අතරට පැමිණීමට හැකි වීම පිළිබඳව අප ඉතාමත් සතුටට පත් වන අතර දශක ගණනාවක් තිස්සේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් බැංකු පද්ධතියක් ලෙස අප ස්ථාපිත වී තිබෙනවා. මෙවර බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීම් හි ප‍්‍රමුඛතම සමාගම් තුන අතර සිටීම මගින් අපගේ බැංකුව පැමිණි පරිවර්තනීය ගමන්මග පැහැදිලිවම සනාථ කරනවා.’’

”කොවිඞ් වසංගතය සමග ඇති වූ පෙර නොවූ විරූ වෙනස්කම් හා අභියෝග වලට හොදින් මුහුණ දීම සඳහා නව සාමාන්‍ය තත්වයට ඉක්මනින් හැඩගැසෙමින් අපගේ ගනුදෙනුකාරභවතුන්ට ආරක්ෂාකාරීව හා පහසුවෙන් ගනුදෙනු කිරීමට හා බැංකු සේවා වෙත පිවිසීමට හැකි වන ලෙස අපගේ ඩිජිටල් තාක්ෂණ සේවාවන් ඉහළ දමනු ලැබුවා.’’

” ඕනෑම සමාගමකට තිරසාරව වර්ධනය වීමට හා නොසැලී ඉදිරියට ගමන් කිරීමට නවෝත්පාදනය සහ නව චින්තනය අත්‍යවශ්‍ය වෙනවා. ඒ අනුව, ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිත හා අපහසු සාර්ව ආර්ථික තත්වයන් මධ්‍යයේ වුවද, ඉදිරි වසර තුළදී HNB තවත් සමෘද්ධිමත් කිරීම සඳහා බැංකුකරණයේ නව මාවත් ගවේෂණය කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු” යැයි HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා පැවසුවේය.

බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමට අමතරව, HNB සිය පරිවර්තනීය බැංකුකරණය උදෙසා ගෞරව සම්මාන ගණනාවකට පාත‍්‍ර වී ඇත. ඒ අනුව එක්සත් රාජධානියේ කීර්තිමත් ‘ද බෑන්කර්’ සඟරාව විසින් ලොව හොඳම බැංකු 1,000 අතරට HNB නම් කරන ලදී. මීට අමතරව, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce, Sri Lanka) හා කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවනීය සමාගම් 10’ අතරට ද HNB නම් කරන ලදී. HNB හි විශිෂ්ටත්වය ප‍්‍රකට කළ තවත් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවේ සියලූම බැංකු අභිබවා LMD සඟරාව මගින් Top 100 Club වෙත ඇතුළත් වීමට ද බැංකුව සමත් වූ අතර පසුගිය වසර 25 තුළ එකී සමාගමේ කාර්යසාධනය මත පදනම්ව මෙම ඇගයීම සිදු කෙරේ.

තවද 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian) බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත‍්‍ර විය. 2018 පෙර බහුජාතික බැංකු විසින් ආධිපත්‍ය පැතිර වූ කාණ්ඩයක HNB ජයග‍්‍රාහකයින් ලෙස මෙම සම්මානයට පාත‍්‍ර වූයේ අඛණ්ඩව දෙවන වසරට වීම මෙහිදී කැපී පෙනුනි. එමෙන්ම ඒෂියන් බෑන්කර් සඟරාව විසින් 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් HNB සම්මානයට පාත‍්‍ර කිරීම හා 2019 දී විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී සම්මාන හතකට හිමිකම් කීම බැංකුව දිනා ගත් අනෙකුත් සම්මාන අතර කැපී පෙනේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන HNB මෑතකදී, Fitch ratings මගින් HNB හි ජාතික දිගු කාලීන වර්ගීකරණය සංශෝධනයට ලක් කළ අතර එහිදී Fitch ratings හි ස්ථාන දෙකක් ඉහළට පැමිණෙමින් ‘AA+(lka)’ ණය ශ්‍රේණිය හිමි කර ගැනීමට බැංකුව සමත් විය.

Visits: 239