පළාත් දළ දේශීය නිෂ්පාදිතය සඳහා බස්නාහිර පළාත් දායකත්වයේ අඩුවීමක්

2019 වසරේදී නාමික දළ දේශීය නිෂ්පාදිතය සඳහා ඉහළම දායකත්වය ලබා දෙමින් බස්නාහිර පළාත 39.1%ක දායකත්වයක් ලබා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහි සංඛ්‍යාව දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පළාත් දළ දේශීය නිෂ්පාදිතය 2019 දත්ත වාර්තාව තුළ මේ බව සඳහන්ව තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තව මගින් වාර්ෂිකව ප්‍රකාශය පත් කරනු  ලබන නාමික දළ දේශීය නිෂ්පාදිතය සුදුසු දර්ශක යොදා ගනිමින් පළාත් අනුව බෙදා වෙන් කර මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් මෙලෙස පළාත් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරයි.

ඒ අනුව දිවයිණේ වාණිජ සහ පරිපාලන අගනගර ඇතුලත් බස්නාහිර පළාත, අඛණ්ඩව ආර්ථිකයේ පෙරගමන්කරුවා ලෙස පසුගිය වසරේදීද දිය දායකත්වය ලබා දී ඇතැයිද මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත් සෙසු පළාත්වල දායකත්වයන්හි වර්ධනය හේතුවෙන් පළාත් බද වර්ධන විෂමාතවන්ගේ අඩුවීම පිළිබිඹු කරමින් මෙම අගය 2018ට සාපේක්ෂව 0.5% කින් අඩුවී තිබේ.  එහිදී මධ්‍යම පළාත සහ වයඹ පළාත ප පිළිවෙලින්  11.5% ක සහ 10.7 % ක දායකත්වයක් ලබා දෙමින් දෙවැනි සහ තෙවැනි ස්ථානයේ පසුවෙයි.

මේ අතර උතුරු නැගෙනහිර, වයඹ සහ සබරගමුව පළාත්වල දායකත්වයන්හි ඉහළ යාමක් සිදුව ඇති අතර, බස්නාහිර, මධ්‍යම, දකුණ, උතුරු මැද සහ ඌව පළාත්වල දායකත්වය පෙර වසරට සාපේක්ෂව අඩු වී තිබේ.  

2019 වසරේදී රටෙහි නාමික දළ දේශීය නිෂ්පාදිතයේ අගය රුපියල් බිලියන 15,016.1ක් ලෙස සටහන්ව ඇත. 2018 වසරේදී එය රුපියල් බිලියන 14,366.1කි.

මේ අතර ආර්ථික කටයුතු සඳහා පළාත් දායකත්වය යටතේ සෑම පළාතක්ම කෘෂිකාර්මික කටයුතු සඳහා මධ්‍යස්ථා වශයෙන් දායක වී තිබේ. එය 8.4% සිට 15.9% දක්වා පරාසය ක විහිදෙයි. එහිදී කර්මාන්ත කටයුතවල ප්‍රමුඛ දායකත්වය බස්නාහිර පළාත ලබා දී ඇති අතර එය 45.8% කි. මධ්‍යම සහ වයඹ පළාත් දෙවැනි තෙවැනි ස්ථානවල පසුවෙයි.

එසේම සේවා කටයුතුවල ඉහළම දායකත්වය වන 39.6% ත් බස්නාහිර පළාත විසින් ලබා දී ඇත. මධ්‍යම සහ දකුණු පලාත් දෙවැනි සහ තෙවැනි ඉහළම දායකත්වය ලබා දී තිබේ.

මීට අමතරව පසුගිය වසරට සාපේක්ෂව ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්ත්වයේම වර්ධනයක් ලබා ගැනී මට උතුරු සහ වයඹ පළාත් සමත්ව තිබේ. එහෙත් මධ්‍යම සහ උතුරු මැද පළාත් පෙර වසරට සාපේක්ෂව සියලු ආර්ථික කටයුතුවල දායකත්වයේ පසුබෑමක් පෙන්නුම් කර තිබේ. එසේම අනෙකුත් පළාත් මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කර තිබේ.

Visits: 366