Sri Lanka Economic Virtual Summit 2020 හිදී රජයට අයත් ව්‍යවසායන්හි කාර්යක්ෂමතාව ගැන සාකච්ඡා

ලංකා වාණිජ මණ්ඩලයේ සංවිධායකත්වයෙන් ලබන දෙසැම්බර් 01 සහ 02 දින දෙක තුළ පැවැත්වෙන Sri Lanka Economic Virtual Summit 2020 හි පළමු දිනයේදී එහි මේ වසරේ තේමාව වන ‘Roadmap for Take-off : Driving a People Centric Economic Revival’ හා සබැඳුණු සමකාලීන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා සඳහාද, දෙවැනි දිනයේදී ‘Efficient Government and Progressive State Enterprises’ යන මාතෘකාව යටතේ වන සාකච්ඡා සඳහාද වෙන්වී ඇතැයි එම මණ්ඩලය පවසයි.

‘Roadmap for Take-off : Driving a People Centric Economic Revival’ යන මාතෘකාව යටතේ ආර්ථික යථාවත්වීමක් සඳහා රජය සහ එහි ආයතන/ව්‍යවසායන් හි භූමිකාව පිළිබඳව සාකච්ඡා කෙරේ. එසේම රජයේ  ප්‍රතිපත්තිමය පරමාර්ථ සහ ජනතාවගේ අවශ්‍යතාවන් සැපිරීම සඳහා රාජ්‍ය අංශය නැවත සකස් විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කරගැනීමක් සිදු කරයි.

එසේම දෙවැනි දිනයේදී ‘Efficient Government and Progressive State Enterprises’ යන මාතෘකාව යටතේ ‘කාර්යක්ෂම රජයක්’, ‘දියුණු රාජ්‍ය ව්‍යවසායන්’ යනාදී ලෙස මෙම සාකච්ඡා පැවැත්වෙයි. විශේෂයෙන්ම රජයට අයත් ව්‍යවසායන් මගින් ගුණාත්මක සේවාවක් ලබා දෙන අතරම ඒවායේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සහ ආර්ථිකයේ අනෙකුත් අංශ පෝෂණය කළ  හැකි රාජ්‍ය සේවාවන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරේ.

මෙහිදී එම සාකච්ඡාවට සඳහා ජාත්‍යන්තර දේශකයෙකු ලෙස මැලේසියාවේ ඛසානාහ් නැෂනල් බර්හාඩ්හි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ ටැන් ශ්‍රී ඩාටෝ’ අස්මාන්  මොක්තාර්, මහාභාණ්ඩාගාරයේ සහ මුදල්  අමාත්‍යාංශයේ ලේකම් සජිත් ආටිගල, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු මහලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරිනී ධාරා විජේතිලක, ස්වාධීන උපදේශිකා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂිකා ආචාර්ය රොෂාන් පෙරේරා, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුත් ප්‍රනාන්දු සහ වෙරිටේ රිසර්ච් (පෞද්) සමාගමේ පර්යේෂණ සහකාර ආචාර්ය මාලති නයිට් ඇතුළු පිරිසක් සහභාගි වෙති. සාකච්ඡාව මෙහෙයවීම ලංකා වාණිජ මණ්ඩලයේ වත්මන් මහලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී මන්ජුල ද සිල්වා මහතා විසින් සිදු කරයි.

අන්තර්ජාලය හරහා පැවැත්වෙන මෙම දෙදින සමුළුව සඳහා සහභාගි වීමට කැමැත්තක් දක්වන පිරිස් වෙත මෙම සම්පූර්ණ සමුළුව වෙත හෝ එසේ නැත්නම් තෝරාගත් සැසි වෙත පමණක් සහභාගි විය හැකිය. ඒ අනුව මේ සඳහා ලියාපදිංචි වීම සඳහා වන වැඩිදුර තොරතුරු 0115588852 යන දුරකතන අංකයෙන් නිරෝෂිනී හෝ 0115588805 අංකයෙන් අලිකි ඇමතීමෙන් හෝ ලබා ගත හැකිය.

Visits: 47