Uber Eats පරිපූර්ණ COVID-19 ආරක්ෂණ විධිවිධාන මාලාවක් හඳුන්වා දෙයි

Uber Eats ඊයේ දිනයේ සිට COVID-19 රෝගයෙන් ආරක්ෂා වීම සම්බන්ධ පරිපූර්ණ විධිවිධාන මාලාවක් ක‍්‍රියාවට නැංවීමට කටයුතු කර තිබේ. බලධාරීන් COVID-19දෙවැනි රැල්ල මැඩලීමට කැපවන අතර, පාරිභෝගිකයන්ට තම නිවෙස් වල සිටම සුරක්ෂිත ලෙස ආහාර හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙනු ඇත.

මෙම විධිවිධාන යටතේ, Uber Eats සමග එක්වී භාණ්ඩ බෙදාහරින පුද්ගලයන් සඳහා වන විශේෂ පිරික්සුම් ලැයිස්තුවක්, මුහුණු ආවරණ පැළඳ සිටින බව සහතික කරන සෙල්ෆි ඡායාරූප ක‍්‍රමයක්, ශරීර උෂ්ණත්වය නිතිපතා පරීක්ෂා කර වාර්තා කිරීම, පාරිභෝගිකයා වෙත සමීප නොවී භාණ්ඩ තබා යාමේ ක‍්‍රමවේදයක් මෙන්ම Uber Eats APPඔස්සේ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව සිහිකැඳවීම් සිදුකිරීම ඇතුළු අංග රාශියක් හඳුන්වා දී ඇත.

මීට අමතරව රු. මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් ආරක්ෂක උපාංග (මුහුණු ආවරණ හා පවිත‍්‍රකාරක වැනි) මිලදීගෙන ඒවා රියදුරන් හා කුරියර් සේවා සහකරුවන් අතර බෙදාදීමට Uber Eats පියවර ගෙන තිබේ. 2020 මැයි මාසයේ සිට මේ දක්වා මේ ආකාරයට රු. මිලියන 5 කට ආසන්න වටිනාකමකින් යුත් මුහුණු ආවරණ හා දෑත් පවිත‍්‍රකාරක බෙදා දී ඇත.

Uber Eats App තුළ ඇති COVID Hub තුළද නව ආරක්ෂක අංග රැසක් ඇතුළත් කර තිබේ. නිශ්චිත සේවා වාර ගණනක් සම්පූර්ණ කළ පසුව ආරක්ෂක උපාංග කට්ටල මරු කළ යුතු බව සිහිපත් කිරීම වැනි විධිවිධාන මීට ඇතුළත් ඇත.   

නව විධිවිධාන පිළිබඳව අදහස් දක්වමින් Uber Eats Sri Lanka සමාගමේ ප‍්‍රධානී භාව්නා දද්ලානි මහත්මිය මෙසේ පැවසුවා ය. “පසුගිය මාස කිහිපය තුළ අප සැමගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අපගේ ජාත්‍යන්තර තාක්ෂණ හා සුරක්ෂිතතා කණ්ඩායම ඇපකැප වී කටයුතු කළා. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අප කවදත් ප‍්‍රමුඛත්වය ලබාදෙනවා. භාණ්ඩ බෙදාහැරීම සඳහා අප සමග එක්ව කටයුතු කරන හවුල්කරුවන්ට සුරක්ෂිත ලෙස එම කටයුතු කරගෙන යාමට අවශ්‍ය පසුබිම සලසා දෙන අතරම පාරිභෝගිකයන්ට සුරක්ෂිත ලෙස තම එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීම සඳහා පහසුකම් සැලසීමට අප කටයුතු කරන්නේ ඒ නිසයි.”

සක‍්‍රීය ඇණවුම් සම්බන්ධයෙන් මෙන්ම ඇණවුමට අදාළ භාණ්ඩ භාරදීමේ සිට විනාඩි 15 ක් දක්වා කාලය තුළ පාරිභෝගිකයන්ට තම නියෝජිතයෙකු අමතා සහය ලබාගැනීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමටද Uber Eats කටයුතු කර තිබේ.

Visits: 67