ඩයලොග් ගොවි මිතුරු සේවාව‍ෙන් ගෙවතු වගාකරුවන්ට සහාය

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී 2015 වසරේ හඳුන්වාදුන් ගොවි මිතුරු කෘෂි උපදේශන සේවාව අදාළ වගා අදියරට ගැලපෙන අයුරින් කෘෂිකාර්මික තොරතුරු ලබාදෙන අතර, මෙම සේවාව  ඕනෑම මට්ටමක වගාකරුවෙකුට ඔබින ලෙසත්, ඒ සඳහා නිසි තාක්ෂණික පහසුකම්වලින් සමාගම සංයුක්ත වන බවත් තහවුරු කිරීමට සමත්ව ඇතැයි එම සමාගම පවසයි.

කොවිඩ් -19 වසංගත සමයේ LockDown කාලයට පමණක් සීමා නොවී එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය භෝග ගෙවතුවලම වගා කිරීමට වැඩි  අවධානයක් දක්වන්නැයි රජය ජනතාවගෙන් කළ ඉල්ලීමට නොමඳ සහායක් වන ගොවි මිතුරු  සේවාව (දෙමළ භාෂාවෙන් – Uzhavar Thoshan) ගොවි මහතුන් වෙනුවෙන් හඳුන්වාදුන් සරල කෘෂි උපදේශන සේවාවකි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කෘෂි උපදේශන සේවාව වන ගොවි මිතුරු සේවාව දිවයිනේ සමස්ත ගොවි මහතුන්ගේ භෝග ආරක්ෂාව සහ අස්වැන්න ඉහළ නැංවීම සඳහා සහාය වන අතර, මේ වන විටත්  ගොවි මිතුරු Mobile App එක සහ ඇමතුම් සේවාව ප‍්‍රයෝජනයට ගන්නා පිරිස 600,000 ක් පමණ වන බවත් සමාගම පවසයි.

2015 වසරේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගීත්වය ඇතිව හඳුන්වාදෙනු ලැබූ ගොවි මිතුරු ඇමතුම් සේවාව ‘සුරක්ෂිත අස්වැන්නක්, පවුලේ සුව සෙත’ තේමාව යටතේ ගොවි මහතුන් වෙනුවෙන්ම ක‍්‍රියාත්මක වන කෘෂි උපදේශන සේවාවකි.

මෙය කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ දියුණුවට උපදෙස් ලබාගැනීමටද අනගි අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකිය. ජංගම දුරකතනයක් භාවිත කරන  ඕනෑම කෙනෙකුට මෙම සේවාව පහසුවෙන් ලබාගත හැක. මේ ඔස්සේ භෝග වර්ග 25 කට අදාළ විශේෂඥ උපදෙස් ලබාදෙන අතර, මෙම සේවාව ආරම්භයේ සිටම ගෙවතු වගාවට අදාළ උපදේශන  ලබාදීමට කටයුතු කරන ලදී. මෙම ඇමතුම් සේවාව සඳහා පාරිභෝගිකයන්ගෙන් දෛනිකව රුපියලක (+බදු) ගාස්තුවක් අය කෙරේ.  ඕනෑම ඩයලොග් ජංගම දුරකතනයකින් 616 අමතා ගොවි මිතුරු ඇමතුම් සේවාව ලබාගත හැකිය.

මීට අමතරව ගොවි මිතුරු ජංගම යෙදුම (Govi Mithuru Mobile App) මෙම සේවාව තවදුරටත් ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ගනු ලැබූ තවත් පියවරක් වශයෙන් හැඳින්විය හැකි අතර, එක් එක් ගොවි මහතුන්ගේ අවශ්‍යතාවයට සරිලන ආකාරයට සැකසූ කාලීන සහ නවතම කෘෂි විෂයානුබද්ධ තොරතුරු ලබාදෙයි.

භෝගවල ආරක්ෂාව සහ ගෙවතු වගාව සම්බන්ධ විශේෂඥ උපදෙස් හා ආකර්ෂණීය ක‍්‍රමවේද ඇතුළත් නවතම කෘෂි තාක්ෂණික කාලීන තොරතුරු කෙටි පණිවිඩ හා වීඩියෝ මාධ්‍යයන් ඔස්සේ එකම තැනකින් ලබාගත හැකි කෙන්ද්‍රස්ථානයක් ලෙස ගොවි මිතුරු App එක හැඳින්විය හැකි අතර, ඩයලොග් මොබයිල් පාරිභෝගිකයන්ට කිසිඳු ඬේටා ගාස්තු නොමැතිව මෙම්චචඑක භාවිත කළ හැක. ගොවි මිතුරු්චච එකේ සියලූ දැනුම අමතර ඬේටා ගාස්තු රහිතව ලබාගැනීම සඳහා දිනකටරු.2ක් (+බදු)අය වේ. මෙම Mobile App එක Google Play Store හරහා ඩවුන්ලෝඞ් කළ හැක.

Visits: 61