ශ්‍රී ලංකා මහ බැංකුව ‘මෑත කාලීන ආර්ථික ප්‍රවණතා’ නිකුත් කරයි

2020 වසරේ සිදුවූ සුවිශේෂී සිදුවීම් සහ 2021 වසරේ අපේක්ෂා සටහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  “ මෑතකාලීන ආර්ථික ප්‍රවණතා : 2020 සුවිශේෂී සිදුවීම් සහ 2020 අපේක්ෂා” ප්‍රකාශනය එළිදැක්වීමට ඊයේ (ඔක්තෝබර් 31) දිනයේ කටයුතු යෙදිණි.

මෙහිදී ආර්ථික ප්‍රවණතා යාවත්කාලීන කිරීමට අමතරව 2020 ඔක්තෝබර් මස මැද දක්වා ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින්, 2020 අප්‍රේලි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද මැදි කාලීන සාර්ව ආර්ථික රාමුවෙහි යාවත්කාලීන කිරීමක්ද “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා” තුළින් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

“මෙම වසරේ වාර්තාව ප්‍රකාශයට පත් වනුයේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විවිධාකාර සමාජ ආර්ථික අභියෝග සහ අවිනිශ්චිතතාවලට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින තීරණාත්මක සංධිස්ථානයකදීය”

විශේෂයෙන්ම මෑත වසරවලදී විභවතාවයට වඩා අඩු වර්ධනයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ආර්ථිකය, කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය මධ්‍යෙය් නවමු අභියෝග රැසකට මුහුණ දුන් බවත් මෙම ප්‍රකාශනය සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා මෙම ප්‍රකාශනය භාෂා ත්‍රිත්වයෙන්ම බාගත කර ගැනීමට හැකියාව ඇත.

Visits: 349