‘PET ප්ලාස්ටික්’ සම්පතක් මිස ඉවත දමන දෙයක් නොවේ

අපේ පෘථිවියට අප දුවන වේගයෙන් දිවිය නොහැක. වර්තමානයේදී අප වසරක් තුළ පරිභෝජනය කරන දේ නිපදවීමට පෘතුවියට වසරකුත් මාස 8 ක් ගත වේ. සැබැවින්ම අප ‘ගත්තා – හැදුවා – ඉවත දැම්මා’ යන ආකෘතියෙන් ඔබ්බට බැලිය යුතු අතර මෙහිදී ලෝකයේ වඩාත්ම මතභේදාත්මක ද්‍රව්‍යයන්ගෙන් එකක් වන ප්ලාස්ටික් දෙස සමීපව පරීක්ෂාකාරීව බැලීම මෙයට ඇතුළත් වේ.

සියලූම ප්ලාස්ටික් වර්ග ප‍්‍රතිචකී‍්‍රකරණය කළ නොහැක. කෙසේ වෙතත්, ප‍්‍රතිචකී‍්‍රකරණ සංකේතය තුළ අංක ‘1’ ලෙස සලකුණු කොට ඇති නිසා ඔබට පහසුවෙන් හඳුනාගත හැකි පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (Polyethylene terephthalate) – (PET) ප්ලාස්ටික් ලෝකයේ වඩාත්ම ප‍්‍රතිචකී‍්‍රකරණය කරන ලද ප්ලාස්ටික් වන අතර එය ගෝලීය ප‍්‍රතිචකී‍්‍රකරණය කරන ලද වෙළෙඳපොලෙන් 57%කට වඩා වැඩි  ප‍්‍රමාණයකට හිමිකම් කියයි.

2025 අවසන් වන විට ප‍්‍රතිචකී‍්‍රකරණය කරන ලද PET ප්ලාස්ටික් සඳහා වෙළෙඳපල ඇමරිකානු ඩොලර් බිලියන 66.9ක් වනු ඇතැයි අපේක්ෂා කිරීම (පොදු රාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානය, 2017) PET ප්ලාස්ටික් ආර්ථිකයට දක්වන දායකත්වයෙහි වර්ධනීය වැදගත්කම තවදුරටත් අවධාරණය කරයි.

ඉතා ප‍්‍රතිරෝධී සහ සැහැල්ලූ බරකින් යුක්ත වන PET, පුද්ගල පරිභෝජනය සඳහා භාවිතා කරන නිෂ්පාදන, රෙදිපිළි නිෂ්පාදනයට ගන්න කෙඳි වර්ග, ගෘහ උපකරණ ඉදිකිරිම් ද්‍රව්‍ය මෙන්ම කාර්මික අංශවලදී භාවිතා කරන ප්ලාස්ටික් පටි පවා නිෂ්පාදනය සඳහා නැවත නැවත ප‍්‍රතිචකී‍්‍රකරණය කළ හැකිය. ශී‍්‍ර ලංකාව ගත්කළ, ප‍්‍රතිචකී‍්‍රකරණය කරන ලද PET ප්ලාස්ටික් බහුතරයක් දැනට අපනයනය කරනු ලබන්නේ පොලිමර් කැබලි (polymer grains)” හා පැලට්ස් (Chips and Pellets) ලෙස වන අතර අනෙකුත් නිෂ්පාදන එනම්, ප‍්‍රතිචකී‍්‍රකරණය කරන ලද PET (rPET) නිෂ්පාදනය කිරීම සඳහා ඒවා භාවිතා කරයි. තවද, PET පැලට්ස්වලින් රෙදිපිළි නිෂ්පාදනයට ගන්නා තන්තු, ඇඳුම්පැළඳුම්, කී‍්‍රඩා ඇඳුම්, කොසු හා බුරුසු නිපදවන අතර නවීන විලාසිතා නිෂ්පාදනය කිරීමේදී පවා ඒවා භාවිතා කරයි.

PET ප්ලාස්ටික්, ඇසුරුම්කරණය හා ඇඟලූම් ක්ෂේත‍්‍රය සඳහා වටිනා සම්පතක් විය හැකි අතර, එය නැවත නැවත ප‍්‍රතිචකී‍්‍රකරණය කළ හැකි නිසා, එක් වරක් පමණක් භාවිතා කරන ද්‍රව්‍යයන් විසින් සිදු කරන පාරිසරික බලපෑම අවම කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකිය. භාවිතා කරන ලද PET ප්ලාස්ටික් නිෂ්පාදනයක් ප‍්‍රතිචකී‍්‍රකරණය කිරිම සඳහා අවශ්‍ය වන බොර තෙල් ප‍්‍රමාණය, එක් වරක් පමණක් භාවිතා කරන ද්‍රව්‍යයන්ට වඩා අඩු බැවින්, එමගින් ඇති වන පරිසරයට මුදාහරින කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණය සැලකිය යුතු තරම් අඩු මට්ටමක පවතී.

කසල සම්පතකි; PET ප්ලාස්ටික් එකතු කරන්නෙකුගේ කථාව

ශාන්ති තිරසාරත්ව සංවර්ධනය (Shanthi Sustainable Development) වන අප ශී‍්‍ර ලංකාව පුරා තිබෙන ව්‍යාපාරවලට සහ දේශීය ප‍්‍රජාවන්ට අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ පුර්ණ විසඳුම් ලබා දෙන ව්‍යාපාරයකි. අප ද ඇතුළුව සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුතු අපගේ කණ්ඩායමට පාරිසරික උපදේශකවරියක් හා තවත් ප්ලාස්ටික් එකතු කරන්නන් දෙදෙනෙකු ද අයත් වන අතර, සාමාන්‍යයෙන් අප සෑම මසකම PET බෝතල් 60,000 ක් පමණ එකතු කර ගන්නවා.

2019 නොවැම්බර් මස අප මෙහෙයුම් ආරම්භ කළ දා සිට ගතව ඇත්තේ වසරකටත් අඩු කාලයක් වුවත්, අපට කසළ සම්පතක් වී ඇත. අපගේ ව්‍යාපාරයේ හරය වනුයේ පරිසරය කෙරෙහි ඇති අපගේ වගකීමයි. වඩාත් යහපත් අපද්‍රව්‍ය කළමනාකරණයකට තිරසාර යාන්ත‍්‍රණයක් නිර්මාණය කිරීම සහ එයට සහාය දීම සඳහා දේශීය රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, නගරසභා, ව්‍යාපාර හා ප‍්‍රජාවන් වැනි රටේ විවිධ අංශ සමග එක්ව අපගේ ව්‍යාපාරික කටයුතු සිදු කරමින් සිටිනවා.

තවද, අප ඔබගේ අස්වැසි බෝතල් පත්තර එකතු කරන්නන් වැනි පුද්ගලයින් සමඟ, නිවාස වලින් බැහැර කරන සියලූම කැළි කසළ එකතු කිරිමට කටයුතු කරනවා. පළාත් පාලන ආයතන මගින් සිදු කරන වෙරළ පිරිසිදු කිරීම්, කසල බඳුන්, ප‍්‍රාදේශීය පරිසර පොළ, නගර සභාවලින් එකතු කරන කැළි කසල සහ ප‍්‍රාදේශීය ව්‍යාපාර වැනි විවිධ ස්ථාන වලින් පාවිච්චි කරන ලද PET ප්ලාස්ටික් එකතු කරගත් පසු, ඉකෝ ස්පින්ඞ්ල්ස් පුද්ගලික සමාගම (Eco Spindles Pvt. Ltd) වැනි ප්ලාස්ටික් ද්‍රව්‍ය ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්නන් වෙත ගෙන යාමට පෙර, මෙම ද්‍රව්‍ය සෝදා පිරිසිදු කර ගැනීමට අපගේ ගබඩා වලට ප‍්‍රවාහනය කරනු ලැබේ.

PET ප්ලාස්ටික් නිෂ්පාදනයක ජීවන චක‍්‍රය අඛණ්ඩව පරිණාමය වෙමින් පවතින අතර එය නිෂ්පාදකයා, පාරිභෝගිකයා, එකතු කරන්නා සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්නන් හරහා අතිනත ගොස් නව නිෂ්පාදනයක් ලෙස නැවත වෙළෙඳපොලට පැමිණේ. PET පුළුල් වටිනාකම් සමුදායක් නිර්මාණය කරනවා පමණක් නොව, බොහෝ තනි පුද්ගලයින්ට හා ව්‍යාපාරවලට ජීවනෝපායන් සඳහා අවස්ථා ලබා දීම ද සිදු කරයි. මෙය හඳුනා ගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණයට සමගාමීව තමන්ගේ ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට පුද්ගලයින් සවිබල ගැන්වීමේ අපේක්ෂාවෙන් ප‍්‍රාදේශිය ප‍්‍රජාවන් තුළ කසළ එකතු කිරීම සහ ප‍්‍රතිචකී‍්‍රකරණය ප‍්‍රවර්ධනය කිරීම අප සතු වගකීමකි. අවසාන වශයෙන්, අපට මෙම මෙහෙවර ඉටු කළ හැකි නම් ශ්‍රී ලංකාව PET කළමනාකරණය සහ ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා කලාපීය කේන්ද්‍ර ස්ථානය බවට පත් කළ හැක.

ගැටළුව PET නොවේ, වගකීම් විරහිත ප‍්‍රතිචකී‍්‍රකරණයයි

මුළු රටට ආවරණය වන පරිදි සිදුවන මාධ්‍ය අවධානය, දැනුවත් කිරීමේ ව්‍යාපාර සහ නගර සභාවල ප‍්‍රයත්නයන් තිබුණද, මහජනතාවට PET ප්ලාස්ටික් හි ප‍්‍රතිචකී‍්‍රකරණ ගුණාංග පිළිබඳව අවබෝධයක්, විශේෂයෙන්ම PET ප්ලාස්ටික් 100%ක්ම ප‍්‍රතිචකී‍්‍රකරණය කළ හැකි බවත්, PET නිවැරදිව බැහැරකොට ප‍්‍රතිචකී‍්‍රකරණය කළහොත් කොපමණ සාර්ථක වේද පිළිබඳව අවබෝධයක් නොමැත. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පිඨයේ පර්යේෂණ හා තාක්ෂණ සඟරාවට (2020) අනුව, බස්නාහිර පළාතෙන් පමණක් දිනකට මෙටි‍්‍රක් ටොන් 3500 ක් පමණ ඝන අපද්‍රව්‍ය ජනනය වන අතර එයින් මෙට්ටි‍්‍රක් ටොන් 2400 එකතු කරනු ලබයි. මෙයින් 15% කට ආසන්න ප‍්‍රමාණයක් කොම්පොස්ට් බවට පත්ව ඇති අතර 10% ක් ප‍්‍රතිචකී‍්‍රකරණය කර 75% ප‍්‍රමාණයක් කසළ බැහැර කරන විවෘත භුමිවලට දමනු ලැබේ. මේ වන විට ප‍්‍රතිචකී‍්‍රකරණය සඳහා එකතු කරනු ලබන්නේ ශී‍්‍ර ලංකාවේ PET ප්ලාස්ටික් වලින් 20-25% ක් පමණි. ඉතිරිය පුළුස්සා දැමීමට හෝ භූමි පිරවීමට යොදා ගන්නා අතර අවසාන වශයෙන් අපගේ ජල මාර්ගවලට එකතුවීම ද සිදු වේ. මෙම ක‍්‍රමය වෙනස් කළ යුතුය.

අප මෙහෙයුම් ආරම්භ කර වසරකට ආසන්න වන මෙම කාලය තුළ විවිධාකාරයේ පාරිභෝගිකයින් හමු වී කතා බහ කිරීමෙන් පසු පැහැදිලි වූ කරුණක් වන්නේ, වෙන් කිරීම, ඛාණ්ඩ කිරීම සහ වගකීමෙන් යුතු ප‍්‍රතිචකී‍්‍රකරණය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය සහ දැනුවත්භාවය ජාතික ප‍්‍රමුඛතාවයක් විය යුතු බවයි. ගැටළුව තිබෙනුයේ PET පරිභෝජනයෙන් ඔබ්බටය. අපද්‍රව්‍ය එක් රැස් කිරීම, ඒවා වෙන් කිරීම සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමේ ක‍්‍රියාවලියට සම්බන්ධ බොහෝ පුද්ගලයින්ට සහාය වීම සඳහා ක‍්‍රමවේදයක් නිර්මාණය කිරීමට අප පෙරමුණ ගත යුතුය. අප වැනි ව්‍යාපාරවලින් සිදු කරනුයේ ශ්‍රී ලංකාවේ කසළ ගැටළුව විසඳීමට උත්සාහයක් දැරීම පමණක් නොව, එමගින් රැුකියා අවස්ථා උදා කරමින් ප‍්‍රජා සංවර්ධනයට දායක වන සමස්ත පරිසර පද්ධතියක් ද නිර්මාණය කිරීමයි. අප මෙතෙක් විවිධ දේ කළ ආකාරය පිළිබඳව උපරිම සීමාවන් කරා පැමිණ තිබෙන අතර එම පද්ධතිය වෙනස් කර, තිරසාරත්මක ලෙස  සිතීමට කාලයයි.

අශාන් වීරකෝන් සහ නිලානි පි‍්‍රයංගිකා විසිනි (ශාන්ති තිරසාරත්ව සංවර්ධනය – Shanthi Sustainable Development)

Visits: 96