මෙරට අනාගත ව්‍යාපාර අවශ්‍යතා සඳහා සිස්කෝ සිය තාක්ෂණික පහසුකම් පුළුල් කරයි

ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් කරා ගෙන යාමේ ගමනට සිය කැපවීම වඩාත් පුළුල් කරමින් සිස්කෝ ඩිජිටල් තාක්ෂණික පද්ධතිය මත ව්‍යාපාරික සේවා වඩාත් කාර්යක්ෂම ලබා දීමේ සිස්කෝ හි සේවා සමූහයක් පසුගියදා හඳුන්වා දුන් බව එම සමාගම පවසයි.

මීට අමතරව, සිස්කෝ විසින් දැනට ශ්‍රී ලංකාවත් සමඟ පවතින හවුල්කාරීත්වයන් තවත් වර්ධනය කර ගනිමින් කොවිඞ්-19 වසංගතය සමඟ ශ්‍රී ලංකාවේ ඇති වූ අලූත් තත්වය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සවිබල ගැන්වීමට සිය ජාලකරණයන් පුළුල් කිරීමට කටයුතු කරනු ඇති බවත් සඳහන් කරයි.

ඒ හරහා ඩිජිටල්කරණය හා තිරසාරත්වය ඇතුළත් ශ්‍රී ලංකාවක් යන රජයේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට ද උපකාරී වීම සමාගමේ අරමුණ වී තිබෙන බව සිස්කෝ සාක් හි කළමනාකාර අධ්‍යක්ෂ සුධීර් නායර් මහතා පවසයි.

“වසංගතයට පෙර පවා, දියුණු වෙමින් පවතින තොරතුරු තාක්ෂණය මත පදනම් වූ BPM අංශය 2022 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5කට ළඟා වනු ඇතැයි අපේක්ෂා කිරීමත් ජනගහනයෙන් 149% ක් වැනි ඉහල ප‍්‍රතිශතයක ජංගම දුරකතන වෙළෙඳපොළක් පැවතීමත් නිසා දැනුමින් සපිරි ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබුනි.” සමාගම අවධාරණය කරයි.

මේ අතර, සිස්කෝ සිය නවතම  “Resilient Distributed Enterprises” (RDE) වැඩසටහනෙහි කොටසක් ලෙස වඩාත් දැනුවත්භාවයකින් යුතු ක‍්‍රියා සඳහා ආරක්ෂක විශ්ලේෂණය තුළින් අනවසර ඇතුල්වීම්, තර්ජන හා නීති උල්ලංඝනය කිරීම් ආදිය හඳුනා ගැනීම ඇතුළුව සමාගම්වල ආරක්ෂණ ක‍්‍රියාවලිය එක් ස්ථානයකට ගෙන ඒමේ ප‍්‍රවේශය සහිත cloud-native වේදිකාවක් වන SecureX සේවාව හඳුන්වා දෙයි.

තවද, සිස්කෝ විසින් කෘතිම බුද්ධිය මගින් බලාත්මක වන (AI-powered), software-as-a-service වේදිකාවක් වන Intersight Workload Optimizer වෙත ප‍්‍රවේශය ලබා දෙන අතර එමගින් ආයතනවලට බුද්ධි මට්ටමේ කළමනාකාරීත්වයක් ලබා දෙමින් තොරතුරු තාක්ෂණ මෙහෙයුම් සරලව හා ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මත වීමට ඉඩ ලබා දෙයි.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කරා යන ගමනට සහාය වීම සඳහා සිස්කෝ විසින් හඳුන්වා දෙන වැඩසටහන් හි නවතම ප‍්‍රයත්නය වන්නේ මෙයයි.

එසේම සිය ව්‍යාපාර සඳහා RDE හැකියාවන් වර්ධනය කිරීමට අමතරව සිස්කෝ සිය ජාලකරණ ඇකඩමිය හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් දැනුමෙන් යුත් ශ‍්‍රම බලකායක් නිර්මාණය කිරීමට අඛණ්ඩව සහාය දක්වයි.

මෙම වැඩසටහන ආරම්භයේ පටන් මේ වන විට 33,500කට ආසන්න සිසුන් සංඛ්‍යාවක් පුහුණු කර ඇති අතර 2020 දී APJ කලාපයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව සිස්කෝ ජාලකරණ වැඩසටහන වේගයෙන් ක‍්‍රියාත්මක වන රටක් ලෙස පෙන්වා දිය හැකිය. 2021 වසර අවසාන වන විට සිසුන් 50,000ක් දක්වා වැඩි කිරීමට සිස්කෝ අරමුණ කර ගෙන සිටින බවත් පවසා සිටියි.

Visits: 77