ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම වොක්ෂ්හෝල් ලෑන්ඩ් ඩිවලොප්මන්ට්හි ගොඩ වැඩිකර ගනී

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (JKH) සමාගමේ පූර්ණ හිමිකම සහිත පරිපාලිත සමාගමක් වන ජේකේ ලෑන්ඩ් (පෞද්ගලික) සමාගම (JK LAND) විසින් තමන් යටතේ පැවැති පරිපාලිත සමාගමක් වන වොක්ෂ්හෝල් ලෑන්ඩ් ඩිවලොප්මන්ට් (පෞද්ගලික) සමාගමේ (VLDL) තවත් 26.7%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගෙන ඇතැයි පවසයි.

ඒ අනුව මෙම අත්පත් කරගැනීමත් සමගින්ම ජේකේ ලෑන්ඩ් සමාගම සතු වොක්ෂ්හෝල් ලෑන්ඩ් ඩිවලොප්මන්ට් සමාගමේ කොටස් ප්‍රතිශතය 86.7%ක් දක්වා  ඉහළ ගොස් තිබේ. මෙම ගනුදෙනුව සිදුවන වන විට ජේකේ ලෑන්ඩ් සතුව වොක්ෂ්හෝල් ලෑන්ඩ් ඩිවලොප්මන්ට් සමාගමේ කොටස් 60%ක ප්‍රතිශතයක් හිමිව කරගෙන තිබුණි.

ෆින්ලේස් කලම්බු ලිමිටඩ් සමාගමට අයත්ව තිබූ කොළඹ, වොක්ෂ්හෝල් ස්ට්‍රීට්හි පිහිටි අක්කර 9.38ක ඉඩමක් රුපියල් බිලියන 5.98ක වටිනාකමකට ඊයේ (සැප්තැම්බර් 25) මිලදී ගැනීමත් සමගින්ම මෙම අත්පත් කරගැනීම සිදුව තිබෙන බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී අනාවරණය කරයි.

මේ අතර ෆින්ලේස් කලම්බු ලිමිටඩ් සමාගමට අයත් වොක්ෂ්හෝල් ලෑන්ඩ් ඩිවලොප්මන්ට් (පෞද්ගලික) සමාගමේ ඉතිරි 13.3%ක කොටස් ප්‍රතිශතයද 2021 සැප්තැම්බර් 24 වැනිදාට පෙරාතුව රුපියල් බිලියන 2.99ක මුදලකට ජේකේ ලෑන්ඩ් සමාගම වෙත මිලදී ගැනීමටද ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම කැමැත්ත පළ කර ඇත.

ඒ අනුව මෙම අත්පත් කරගැනීමත් සමගම වොක්ෂ්හෝල් ලෑන්ඩ් ඩිවලොප්මන්ට් (පෞද්ගලික) සමාගම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් බවට පත්වෙයි.

අක්කර 9.38ක විශාලත්වයෙන් යුත් මෙම ඉඩම පෞද්ගලික සමාගමක් මගින් හිමිකරගෙන තිබූ විශාලතම ඉඩම් කොටස ලෙසින්ද සැලකෙයි. එසේම එය නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිරිපත් කර ඇති බේරේ ඇල සංවර්ධන සැලසුමටද අයත් වෙයි. ඒ අනුව මෙය නේවාසික සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් වෙන් කර තිබූ බවත් පැවසෙයි.

Visits: 354