කැපිටල් මහරාජා සමූහය 90 වැනි සංවත්සරය සමරයි

1930 වසරේදී මෙරට පිහිට වුණු කැපිටල් මහරාජා සංවිධානය (Capital Maharaja Organisation) මේ වසරේදී සිය 90 වැනි සංවත්සරය සමරයි. ඒ අනුව පුරා දශක නවයක කාලයක් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වෙනස් කිරිමට ලබාදුන් දායකත්වය ආවර්ජනය කරමින් මේ වනවිට එම සමාගම 90 වැනි සාංවත්සරික ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

“ඔබගේ ජංගම දුරකතනය, ජාතික සැපයුමෙන් ලබා ගන්නා විදුලිය, ලොව සුප්‍රසිද්ධ සිලෝන් ටී නාමයෙන් පානය කරන තේ කෝප්පය, දරුවන්ගේ හොඳම පෝෂණීය කිරිපිටි (ඇන්කර්) මෙන්ම අද ඔබ නරඹන සහ අසන රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඇතුළු බොහෝමයක් ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලාංකික සැමගේම ජීවිත ස්පර්ශ කිරීමට කැපිටල් මහරාජා සමූහය සමත්ව සිටියි.” යනුවෙන් එම සමාගම සිය වෙබ් අඩවියේ සඳහන් කරයි.

මෙම ප්‍රවර්ධන ව්‍යාපාරය යටතේ කැපිටල් මහරාජා සමූහය (Capital Maharaja Group) සිය මූලිකත්වයෙන් මෙරට තුළ ආරම්භ කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් පිළිබඳව කරුණු සඳහන් කරමින් ප්‍රසිද්ධ දැන්වීම් පළ කිරීමට දැනටමත් (ඊයේ සහ අද)  කටයුතු යොදා ඇත.

ඒ අනුව 1980 දශකයේදී මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරය වෙත පිවිසෙමින් මහරාජා සමාගම පළමුවරට ඇන්කර් සන්නාමයෙන් යුත් කිරිපිටි නිෂ්පාදන නවසීලන්තයෙන් මෙරටට ආනයනය කර බෙදාහැරීම සිදු කළ බව පවසමින් එක් දැන්වීමක් පළ කර ඇත. නිව්සීලන්ඩ් ඩේරි බෝර්ඩ් (අද දවසේදී ෆොන්ටෙරා) යන සමාගම මහරාජා සමාගම සමගින් මෙරට තුළ ව්‍යාපාර ආරම්භ කර ඇත්තේ  ඉන් අනතුරුවයි.

කැපිටල් මහරාජා සමාගම සහ නිව්සීලන්ඩ් ඩේරි බෝර්ඩ් අතර එකඟතාව

එසේම ඩයලොග් සමාගම පිහිටුවීම සඳහාද ලබා දුන් මූලිකත්වය සඳහන් කරමින් තවත් දැන්වීමක් පළ කර ඇත. එහිදී 1993 වසරේ මහරාජා සමාගමේ පූර්ණ අණුබද්ධිත සමාගම් දෙකක් වන MTN Networks (Pvt) Limited සමාගම සහ MTT Network (Pvt) Limited යන සමාගම් මේ සඳහා ඉදිරිපත්ව ඇත. මෙම සමාගම් දෙකෙන් එකක් දුරකතන ජාල හැසිරවීමටත්, අනෙක දුරකතන යටිතල පහසුකම් සැපයීමත් සිදු කර ඇත. ඒ අනුව MTN Networks (Pvt) Limited සමාගම මැලේසියාවේ ‍Telekom Malaysia Berhad (TM) සමගින් ඇති කරගත් එකඟතාවකට අනුව ඩයලොග් සමාගම බිහිවී ඇත.

කැපිටල් මහරාජා සමාගම සහ ටෙලිකොම් මැලේසියා අතර එකඟතාව

අද වනවිට නිෂ්පාදන, සේවා, මාධ්‍ය, තාක්ෂණික, ආගන්තුකසත්කාර සහ ව්‍යාපෘති ලෙස ක්ෂේත්‍ර කිහිපයක් පුරා කැපිටල් මහරාජා සමූහය ව්‍යාප්තව තිබේ.

ඒ අතරින් නිෂ්පාදන යටතේ S-lon Lanka, PE+, Tuffline (Pvt) LTD, Kevilton Electrical Products (Pvt.) LTD, Harcros Chemicals (Pvt) LTD, International Cosmetics Limited, A. F. Jones Exporters (Ceylon) Private Limited, Kansai Paints Lanka (PVT) Ltd  යනාදී සමාගම් පවතී.

එසේම සේවා අංශය යටතේ Harrisons Shipping Private Limited, CANICE CREATIONS INTERNATIONAL (PVT) LIMITED, Maharaja Institute of Management යනාදී සමාගම් පවතී.

මාධ්‍ය යටතේ MTV Channels, MBC Networks, News 1st, M Entertainments, STEIN STUDIOS, AQUARIUS LIMITED යනාදී සමාගම් පවතී.

තාක්ෂණික අංශය යටතේ Sambole.lk, KiKi, Bellboy, COMPUTER SYSTEMS (Private) Limited, Sparks Innovation, යනාදී සමාගම් පවතී.

ආගන්තුක සත්කාර අංශය යටතේ Fox Jaffna, Fox Kandy යනාදී හෝටල් ඇත. එසේම ව්‍යාපෘති යටතේ පිහිටුවා ඇති The Maharaja Organisation Projects (PVT) LTD මගින් විවිධ බලශක්ති, ඉදිකිරීම් සහ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය වෙත පිවිස ඇතැයිද සමාගම පවසයි.

Visits: 150