මා දැල් හිමියන්ගේ ගැටළු විසදීමට කමිටුවක්

මා දැල් හිමියන් තුළ පවතින ගැටලු විසඳීම සඳහා නව කමිටුවක් පත් කිරීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශය පවසයි. සී/ස සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ ධීවර සංස්ථා නියෝජිත පිරිසක් සමග ධිවර අමාත්‍යංශයේදි මාදැල් හිමියන්ට බලපාන ප්‍රශ්ණ සම්බන්ධව පැවැත්වූ සාකච්ඡාවකින් පසුව අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රධාන ඉල්ලීම් 06ක් සම්බන්ධව අවශ්‍ය විසදුම් ලබාදීම සදහා අමාත්‍යංශ නිළධාරීන්ගෙන් හා මෙම මාදැල් හිමියන්ගේ ධිවර සමුපකාර සමිතිවල නියෝජිතයින් ඇතුලත් කමිටුවක් පත්කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

එම කමිටුව විසින් මාදැල් හිමියන්ගේ සමුපකාර සංගමයේ මෙම වර්ෂයේ සම්මේලනය ඉදිරි මාස දෙක තුල පැවැත්වෙන මාදැල් හිමියන්ගේ ධීවර සමුපකාර සමිතියේ වාර්ෂික සම්මේලනයට ප්‍රථමව විසදුමක් යෝජනා කිරීමටත්, එම විසදුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කිරීමටත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

මෙම ඉල්ලිම් අතර ප්‍රධානතම ඉල්ලීමක් වන්නේ 1984 ගැසට් කරණ ලද මාදැල් ධීවර නියෝග වත්මන් යුගයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමට කඩිනමින් අවශ්‍ය කටයුතු යොදා නව මාදැල් ධීවර නියෝග ප්‍රකාශයට පත්කිරීමයි.

මීට ඉහත සිටි ධීවර අමාත්‍යවරු සිව් දෙනකු මෙ සම්බන්ධව කමිටු පත් කළ නමුත් තවමත් ඒ සදහා විසදුමක් ලැබි නොමැති බව මාදැල් හිමියන්ගේ සංගමයෙහි නියෝජිත පිරිස අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.

මෙහිදී ඉදිරිපත් වූ සියලු කරුණු පිළිබදව අමාත්‍යවරයාගේ අවධානයට ලක්වු බවත් ඒවාට අවශ්‍ය සියලු විසදුමි එම කමිටු වාර්තාව ලැබු විගසම අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා විසින් මාදැල් හිමියන්ගේ සංගමයට පොරොන්දු වූ බවත් එම අමාත්‍යාංශය පවසයි.

මෙම සාකච්චාව සදහා මාදැල් හිමියන්ගේ සමුපකාර සමිතියේ සභාපති ගරු ලෙස්ටර් නොනීස් පියතුමා,ලේකම් ස්ටැන්ලි පීරිස්මහතා,භාණ්ඩාගාරික සෙබියස් ප්‍රනාන්දු මහතා හා ධීවර දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ හා නියොජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් කහවත්ත මහතා,  අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් කේ.දයානන්දා ඇතුලු පිරිස සහභාගි විය.

Visits: 21