සාදි වදූද් කලම්බු ඩොක්යාර්ඩ් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව කටයුතු කළ මොහොමඩ් සාදි අබ්දුල් වදූද් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව සැප්තැම්බර් 07 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදුව තිබේ.

වදූද් මහතා ධුරයෙන් ඉවත්ව යන අවස්ථාව වන විට ඒ මහතා සතුව කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ කොටස් 231ක් පවතින බවත් සඳහන් වෙයි.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ කිංග්ස් කොලීජියේ එල්එල්එම් (සාංගමික නීතිය) උපාධිය හිමි කරගැනීමට වදූද් මහතා සමත්ව තිබේ. ඒ මහතා මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ලෙසද කටයුතු කරයි.

වර්තමානයේදී ඒ මහතා සාංගමික/සිවිල් නීතීඥයෙකු ලෙස කටයුතු කරයි. එසේම ඒ මහතා එස්.එම්.බී. ලීසිං පීඑල්සී සමාගමේද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන එච්.ඒ. කරුණාරත්න මහතාද පසුගිය සැප්තැම්බර් 05 වැනිදා සිට සිය ධුරයෙන් ඉල්ලා අස් විය. ඒ මහතා සමාගමේ දෙවැනි වැඩිම කොටස් හිමි සේවක අර්ථසාධක අරමුදල නියෝජනය කිරිම වෙනුවෙන් මහ බැංකුව මගින් පත් කළ නියෝජිතයාද වෙයි. කෙසේ වෙතත් ඒ මහතාගෙන් හිස්වන අධ්‍යක්ෂ මණ්ඩල ධුරය සඳහා මෙතෙක් කිසිවෙකුත් පත් කර නොමැත.

Visits: 48