මිලදී ගැනීම් සහ විකිණීම් මිශ්‍ර වූ අවස්ථාවකින් සතිය නිමා වෙයි

වඩා වැඩි අයෝජක රුචිකත්වයක් සහිත සමාගම්වල කොටස් මිලදී ගැනීමේ උනන්දුව මෙන්ම විශාල වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම්හි කොටස් විකිණීම සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය මත අද දිනයේදී කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු මිශ්‍ර අස්ථාවක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) ඍණ අගයක් ගත් අතර, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ධන අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,320.87 ත් ඒකක 5,346.47 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,320.87ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (අගෝස්තු 27දාට) සාපේක්ෂව එය ඒකක 12.45 ක් එනම් -0.23%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකින් පසුව පැමිණි එකඟතාවකට අනුව සම්පත් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, ටෝකියේ සිමෙන්ට් ලංකා.X (නිෂ්ඡන්ද) සහ එන්ටීබී බැංකුව සිදු කළ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 14%ක් සඳහා දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 83ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 63ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (+3.2), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+2.7), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (+1.8), ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී AEL (+1.2), කලම්බු කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+1.1), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-9.9), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-3.7), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-2.9), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-2.4)  සහ සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (-2.2) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,360.38 ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 27) දිනයට සාපේක්ෂව ඒකක 7.11 ක එනම් -0.30%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 2.2 ට සාපේක්ෂව 23%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.31 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 18.90%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 11.80ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 394.67ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 352.87කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 31.66ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.13කි. එසේම ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී.X විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 140.91ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 239ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 23% ක අගයක් ගෙන තිබේ. එසේම නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ප්‍රාග්ධන භාණ්ඩ එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 213ක සහ රුපියල් මිලියන 197ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 199