HNB සමූහයට පළමු අර්ධයේදී රු.බි. 5.5ක බදු පසු ලාභයක්

HNB සමූහය කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ පෙර නොවූ විරූ බාධා මධ්‍යයේ 2020 පළමු අර්ධය සඳහා 2019 එම කාලයට සාපේක්ෂව 6.8%කින් වැඩි වී රුපියල් බිලියන 5.5ක බදුපසු ලාභයක් වාර්තා කර ඇතැයි පවසයි. එසේම හැටන් නැෂනල් බැංකුව පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 4.5ක් වාර්තා කරමින් ක්ෂේත‍්‍රයේ ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කිරීමට සමත්ව ඇත.

මෙහිදී බැංකුවේ අඩු පොළී අනුපාතයේ ප‍්‍රතිඵලයක් ලෙස, ණය සඳහා වූ ඉල්ලූම අඩු වීම හේතුවෙන් මූලික ණය දීමේ අනුපාතය (AWPLR) 2019 දෙසැම්බර් මස සිට පදනම් ලක්ෂ 130කින් අඩු වූ අතර ඒ අනුව මේ වසරේ පළමු අර්ධයේ පොලී ආදායම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 8.8%කින් අඩු වී රුපියල් බිලියන 53.8ක් වී තිබේ. එසේම පොළී වියදමද 2019 ට සාපේක්ෂව 5.2%කින් අඩු වී රුපියල් බිලියන 15.8ක් වූ අතර ශුද්ධ පොළී ආදායම (NII) 2019 ට සාපේක්ෂව 13.3%කින් අඩු වී රුපියල් බිලියන 22.4ක් බවට පත්ව තිබේ.

වසංගතයේ ප‍්‍රතිඵලයක් ලෙස, ජීවන රටාවේ ඇති වූ වෙනස්කම් හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා වන සීමාවන් සමස්ත අපනයනවල පහත වැටීම හා කාඩ්පත් වියදම් සැලකිය යුතු ලෙස අඩු වූ අතර, ශුද්ධ ගාස්තු ආදායම පසුගිය වසරට සාපේක්ෂව 22.2%කින් අඩු වී රුපියල් බිලියන 3.5ක් විය. කෙසේ වෙතත්, ඩිජිටල් බැංකු සේවා සඳහා ඇති ඉල්ලූම ප‍්‍රබල ලෙස ඉහළ යාම නිසා ඩිජිටල් සේවාවලින් ගාස්තු වැඩි කිරීමට හැකි වූ බවත් HNB සමූහය පවසයි.

මේ අතර, හුවමාරු ප‍්‍රමාණය හා වාරික අඩු වීමත් සමඟ විනිමය අනුපාත චලනයන් තුළින් 2019 පළමු අර්ධයේ ලබා ගත් රුපියල් මිලියන 577.2 අලාභයට සාපේක්ෂව මෙම වර්ෂය තුළ රුපියල් බිලියන 1.5ක විනිමය වැඩි වීමක් ලබා ගැනීමට සමත්ව ඇත.

පද්ධතිමය වශයෙන් වැදගත් (D-SIB) වගකිවයුතු දේශීය බැංකුවක් ලෙස, HNB කොවිඞ් වසංගතය හේතුවෙන් ආර්ථිකමය වශයෙන් පීඩාවත් පත් ගනුදෙනුකරුවන් 80,000කට වැඩි සංඛ්‍යාවකට පසුගිය මාස කිහිපය තුළ ණය පමා සහන ලබා දීමෙන් සහාය වී ඇත. එමෙන්ම, HNB ශ්‍රී ලංකා මහ බැංකුවේ කොවිඞ්-19 ණය යෝජනා ක‍්‍රම යටතේ මෙන්ම තමන්ටම අයත් රුපියල් බිලියන 5ක කොවිඞ් සහන අරමුදල හරහා කොවිඞ් වසංගතයෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය ලබා දීමට කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම් ද සපයා දී ඇත.

මෙලෙස සමූහයේ ලාභය 2019 එම කාලයට සාපේක්ෂව 6.8%කින් වර්ධනය වීමට ප‍්‍රධාන ලෙස හේතු වූයේ ඇක්විටි පාර්ට්නර්ස් (Acuity Partners) සමාගමේ ආයෝජන බැංකුවේ ප‍්‍රධාන බෙදාහැරීම් අංශය සහ HNB ඇෂුවරන්ස් සමාගමේ ශක්තිමත් කාර්යසාධනය බවත් HNB සමූහය පවසයි.

Visits: 58