හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) අද සිට CSE ලැයිස්තුගතවීමෙන් ඉවතට

කොළඹ හිල්ටන් හෝටලය හිමි හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගම අද (2020 අගොස්තු 25දා) දිනයේ සිට කොළඹ කොටස් වෙළෙද  පොළ ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමට කටයුතු යොදන බව එම සමාගම දැනුම් දී සිටියි.

හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගම 100%ක්ම රජයට අයත් සමාගමකි. මෙලෙස එම සමාගම ලැයිස්තුගත වීමෙන් ඉවත් කරගැනීමට අදාළ පළමු නිවේදනය පසුගිය ජූනි මාසයේදී නිකුත් කෙරිණි. ඒ සඳහා අනුමත විය යුතු රෙගුලාසි සහ ක්‍රියාපිළිවෙත් පිළිබඳව කටයුතු කරන බව සමාගම එම අවස්ථාවේදී පවසා තිබුණි.

2019 වසරේ දෙසැම්බර් 31 වැනිදා අවසන් වන කාලසීමාවට අදාළ අතරමැදි මූල්‍ය ප්‍රකාශනය ලබා දීමට අපොහොසත්වීම නිසා 2020 මාර්තු 06 වැනිදින හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගම කොටස් වෙළෙඳ පොළ Watchlist ලැයිස්තුවටද ඇතුළත් විය.

හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගමේ වර්තමාන සභාපතිවරයා වන්නේ සිරිනිමල් පෙරේරා මහතාය. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පී.පී. දෙනියාය සහ සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් වූ ලාල් වීරසිංහ යන මහත්වරුන් කටයුතු කරයි.

පෙර ලිපි
හිල්ටන් හෝටලය CSE ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමට යයි

Visits: 335