මහජන බැංකුවේ රාජගිරිය සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයකට

මහජන බැංකුවේ රාජගිරිය සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණු බව බැංකුව පවසයි.

රාජගිරිය. පරණ කෝට්ටේ පාර, අංක 34 දරණ ස්ථානයේ විවෘත කෙරුණු පුඵල් ඉඩ පහසුකමින් පිරි මෙම සේවා මධ්‍යස්ථානය අති නවින තාක්ෂණයෙන් සහ සුවිශේෂි සේවාවන්ගෙන් සමන්විත බව බැංකුව සඳහන් කරයි.

එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) තුළින් මුදල් ආපසු ගැනීමේ සහ මුදල් තැන්පත් කිරිමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳීමේ අවස්ථාව ලබා දී ඇත.

මෙම අවස්ථාවට ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ නියෝජ්‍ය නගරාධිපති පේ‍්‍රමලාල් අතුකෝරල, ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ ප‍්‍රාදේශිය ලේකම් ශිරෝමි ජීවමාලා, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) කේ.බී රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ලයනල් ගලගෙදර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) කි‍්‍රෂානි නාරංගොඩ, සහකාර සාමාන්‍යාධිකාරි (අලෙවිකරණ) ඒ.යූ.ඒ අන්සාර්, කොළඹ පිටත ප‍්‍රාදේශිය කළමනාකාරිනි තුෂාරි හේවාවසම්, සහකාර ප‍්‍රාදේශිය කළමනාකාර කළමනාකාරවරියන්, නුගේගොඩ ශාඛා කළමනාකාර ඩී. එල් ජයවර්ධන, රාජගිරිය සේවා මධ්‍යස්ථාන කළමනාකාරිනි රුවනි ඉලංපෙරුම යන මහත්ම මහත්මීන් හා ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගී වූ බවත් මහජන බැංකුව සඳහන් කරයි.

Visits: 41