ඩීමෝ ටාටා රථ සහ කෘෂි යන්ත්‍රෝපකරණ ප්‍රවර්ධනයට HNB, DIMO හවුල්කාරීත්වය පුළුල් වෙයි

ඩීමෝ TATA රථ සහ කෘෂි යන්ත්‍රෝපකරණ වර්ග සඳහා ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව පහසු ලීසිං විසඳුම් ලබා දීමට ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඩීමෝ සමඟ සිය දිගුකාලීන හවුල්කාරීත්වය තවත් පුළුල් කරන බව නිවේදනය කරයි.

HNB පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා සහ ඩීමෝ හි සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, ගහනාත් පණ්ඩිතගේ යන මහත්වරු මෙම හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම සඳහා එකඟතාවකට පැමිණ තිබේ.

එක් එක් ගනුදෙනුකරුවන්ගේ ආදායමට හා වියදමට සරිලන පරිදි සකස් කළ ආකර්ෂණීය ලීසිං පැකේජ ඇතුළුව අඩු පොළී අනුපාතල ඒ ඒ පාරිභෝගිකයාට උචිත පරිදි ලීසීං පහසුකම් ආදී ප‍්‍රතිලාභ රැසක් මෙම හවුල්කාරීත්වය මගින් HNB ගනුදෙනුකාරභවතුන්ට ලබා දෙනු ඇති අතර අද්විතීය වගකීම් කාල සීමාවන් සමඟ විවිධ වාහන හා කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ඩීමෝ විසින් ද විශේෂ වට්ටම් ලබා දෙනු ඇත.

දිවයින පුරා පිහිටි තෝරා ගත් ඩීමෝ TATA ප‍්‍රදර්ශනාගාරවල විශේෂ ලීසීං ප‍්‍රවර්ධනයන් සංවිධානය කරන අතරම TATA වාහනයක් තෝරා ගත් HNB පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල ප‍්‍රදර්ශනය සඳහා තැබේ. මෙම ලීසිං ප‍්‍රවර්ධනය පිළිබඳ වැඩි විස්තර දිවයින පුරා පිහිටි HNB පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලින් හෝ ඩීමෝ ප‍්‍රදර්ශනාගාරවලින් හෝ 011-2462462 HNB හෝ 011-2449711 ඞීමෝ ඇමතීමෙන් ලබා ගත හැකිය.

මෙහිදී අදහස් දක්වා ඇති ඩීමෝ හි සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, ගහනාත් පණ්ඩිතගේ මහතා, “අපගේ ගනුදෙනුකාරභවතුන්ට මෙම හවුල්කාරීත්වය තුළින්  TATA රථ සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා නම්‍යශීලී සහ ඒ ඒ පාරිභෝගිකයාට උචිත පරිදි ලීසිං විසඳුමක් භුක්ති විඳීමට ඉඩ සලසනු ඇති බව අපට විශ්වාසයි.” යනුවෙන් පවසා ඇත.

HNB පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා අදහස් දක්වමින්, “අපගේ ගනුදෙනුකාරභවතුන්ගේ සුවිශේෂී අවශ්‍යතා සපුරාලීම සඳහා ඒ ඒ පාරිභෝගිකයාට උචිත පරිදි නම්‍යශීලී හා නව්‍ය ලීසීං විසඳුම්, මේ ආකාරයේ හවුල්කාරීත්වයන් තුළින්, අපට ලබා දිය හැකියාව ලැබෙනවා.” යනුවෙන් පවසා තිබේ.

Visits: 40