අතීතකාමය යළි අවුස්සන Singer Retro

දැනට දශක කිහිපයකට පෙරාතුව ලොව නිවෙස් තුළ භාවිතයේ පැවැති මාදිලියේ ගෘහ විදුලි උපාංග සංස්කරණයක් ඉදිරිපත් කරන්නට ජාත්‍යන්තර සිංගර් සමාගම කටයුතු යොදා තිබේ. Singer Retro යන සන්නාමයෙන් මෙම නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කෙරී ඇත.

මෙහිදී සිංගර් ශ්‍රී ලංකා සමාගම මගින් මෙම Singer Retro මාදිලියේ ශීතකරණ සහ මයික්‍රොවේව් අවන් නිෂ්පාදන සිය www.singersl.com වෙබ් අඩවිය හරහා අලෙවියට තබා තිබේ. ඒ අතරින් ශීතකරණ මාදිලිය ඉපැරණි නිර්මාණයකින් යුක්ත, එහෙත් ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත තාක්ෂණයෙන් යුත් නිෂ්පාදනයක් බව සමාගම පවසයි.

“සිංගර් රෙට්රෝ ශීතකරණ ඔබේ ජීවිතය වඩාත් වර්ණවත් කරයි” යනුවෙන් එහි ෆේස්බුක් පිටුවේ සඳහන්ව තිබේ.

මීට අමතරව ඉදිරිපත්ව ඇති රෙට්රෝ මාදිලියේ මයික්‍රොවේව් අවන් නිෂ්පාදනය තුළ ‘පැරණි සුන්දර දවස් වෙත ආපසු යමු’ යනුවෙන් සඳහන්ව තිබේ.

“පැරණි නිර්මාණය සහ නවීන තාක්ෂණයත් සමගින් සිංගර් රෙට්රෝ මයික්‍රොවේව් අවන් ඔබේ මුළුතැන්ගෙය වඩාත් වර්ණවත් කරයි” යනුවෙන් එහි සටහන්ව ඇත.

මෙහිදී සිංගර් වගකීමේ සහතිකය මෙන්ම හොඳම අලෙවියෙන් පසු සේවාවත් අයත් බව සිංගර් ශ්‍රී ලංකා සමාගම සඳහන් කරයි.

Visits: 75