ඔස්මාන් කසීම් අමානා බැංකුවේ සභාපති ධුරයෙන් විශ්‍රාම ගනී

අමානා බෑන්ක් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මෙරට සුප්‍රකට ව්‍යාපාරික ඔස්මාන් කසීම් මහතා එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඒ මහතා පුරා වසර නවයක කාලයක් බැංකුවෙහි එම ධුරය දැරීම මෙලෙස විශ්‍රාම යෑමට හේතුව වී තිබේ.

ඒ අනුව 2020 අගෝස්තු 10 වැනිදා සිට මෙම විශ්‍රාම යෑම බලාත්මක බව බැංකුව පවසයි. විශ්‍රාම යන අවස්ථාව වන විට ඒ මහතා සහ ඔහුගේ බිරිඳ ඒකාබද්ධව අමානා බැංකුවේ කොටස් 67,474,160ක් හිමි කරගෙන තිබූ බවද බැංකුව සඳහන් කරයි. කසිම් මහතා විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.

මෙරට මුල් පෙළේ සමාගමක් වන එක්ස්පෝ ලංකා (පෞද්) සමාගමේ නිර්මාතෘවරයාද වන ඔස්මාන් කසීම් මහතා මීට පෙර එම සමාගම් සමූහයේද සභාපතිවරයා ලෙස දශක ගණනාවක්ම කටයුතු කළේය. අමානා බැංකුවේ සභාපති ධුරයට අමතරව, විදුල්ලංකා සමාගමේ මෙන්ම ඒෂියා  පැසිෆික් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි (APPIIT) සමාගමේද සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

Visits: 149