ඉටුකම කොවිඩ්-19 අරමුදලේ ශේෂය රු.මිලියන 1564 දක්වා ඉහළට

කොවිඩ්-19 වසංගයෙන් පීඩා විදින පිරිස් වෙත සහන සැලසීමේ අරමුණින් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය ඊයේ දිනය වනවිට රුපියල් මිලියන 1564ක් (1,564,200,821.95) දක්වා ඉහළ නැගි බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් මගින් සඳහන් කරයි.

ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමග මෙම ඉටුකම COVID-19 අරමුදල තවදුරටත් තරවී තිබෙන බව කාර්යාලය පවසා සිටියි.

මෙහිදී තැපැල් දෙපාර්තමේන්තුව ලබා දුන් රුපියල් 1,604,260,61 ක්, ඌව පළාතේ සේවයේ නියුතු පළාත් පාලන ආයතන ප්‍රධානීන්, සභිකයන් සහ රාජ්‍ය නිලධාරීන් රුපියල් 10,298,112.68ක් සහ වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතන මගින් රුපියල් 969,098.53ක් ලෙස මෙම අරමුදලට මුදල් පරිත්‍යාග කෙරී ඇත. ඊට අමතරව පෞද්ගලික ආයතනයක් ලෙස Egis International ආයතනයක් රුපියල් 373,600ක මුදලක් මේ සඳහා ලබා දී ඇත.

මේ අතර ශ්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේ ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා රුපියල් 100,000ක්, ශ්‍රී මහා පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර මහතා රුපියල් 500,000ක්, ඓතිහාසික පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා රුපියල් 250,000ක්ද ලෙසද මෙම ඉටුකම කොවිඩ්-19 අරමුදල වෙත පරිත්‍යාග කර තිබේ.

එසේම දරුවන් ඇතුළුවද බොහෝ පිරිසක්ද පෞද්ගලිකවම මෙම අරමුදල වෙත දායකත්වය ලබා දී ඇතැයි ජනාධිපති කාර්යාලය මෙම නිවේදනය මගින් සඳහන් කරයි.

මෙහිදී දෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www.itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායක විය හැකිය. දුරකතන අංක 076-0700700, 0112-320880, 011-2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැන ගැනීමට පුළුවන්.

Visits: 24