99X Technology උපාධි අපේක්ෂකයන් සවිබල ගන්වයි

කොවිඩ්-19 වසංගතය නිසා මෙරට උපාධි අපේක්ෂකයින්ගේ අධ්‍යාපනයට ඇති බලපෑම අවම කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන, 99X Technology හි විශ්වවිද්‍යාල ව්‍යාප්ති වැඩසටහන වන Dotitude මගින් රට පුරා පිහිටි විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා වෙබ් සම්මන්ත‍්‍රණ පැවැත්වීමට කටයුතු කළ බව එම සමාගම පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වන 99X Technology හි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ප‍්‍රධානී සහ Dotitude කළමනාකාර, අනුර අධිකාරී මහතා, “අප හැමවිටම ශ්‍රී ලාංකික වියතුන් හා උපාධි අපේක්ෂකයින් සමඟ සමීපව කටයුතු කිරීම සහ අපගේ දැනුම බෙදා ගැනීමට කැපවී සිටිනවා. සීමාවන් තිබියදීත්, අපගේ සේවකයින් මෙම සිසුන් සමඟ ඔවුන්ගේ කුසලතා බෙදාහදා ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව දැකීම සතුටක්, ඇත්ත වශයෙන්ම, මෙම online සැසිවලට ස්තූතිවන්ත වෙන්න අප අන් කවරදාටත් වඩා වැඩි සිසුන් සංඛ්‍යාවක් වෙත අපගේ සේවය ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා. මේ සියල්ලම තම නිවෙස්වල සිට කාර්යාල කටයුතු කරගෙන යන කණ්ඩායමේ විශිෂ්ට උත්සාහයක්.” යනුවෙන් පවසයි.

මෙම Dotitude වැඩසටහන දශකයකට ආසන්න කාලයක් ක‍්‍රියාත්මක වන අතර, ඒ කාලය තුළ විවිධ ක‍්‍රියාකාරකම් තුළින් උපාධි අපේක්ෂකයින් 50,000කට වැඩි සංඛ්‍යාවකට සෙත සලසා ඇත. පසුගිය වසර තුළ පමණක් මෙම වැඩසටහන විශ්ව විද්‍යාල 12ක් සහ උසස් අධ්‍යාපන ආයතනවල සහයෝගයෙන් උපාධි අපේක්ෂකයින් 3500 කට වැඩි සංඛ්‍යාවකට සෙත සලසූ අතර පර්යේෂණ ව්‍යාපෘති 15ක් සඳහා ද සහාය දක්වා තිබේ.

“මෙවැනි සැසිවාර හරහා සිය අවධානය යොමු වී ඇත්තේ තාක්ෂණික අවකාශය තුළ නව සංවර්ධනයන් පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය තුළ උපාධි අපේක්ෂකයින්ට බොහෝ වෘත්තීයමය අවස්ථාවන් ඇති බව ඔවුන්ට පෙන්වීම බව මෙම සැසි මාලාව මෙහෙයවීමට ප‍්‍රමුඛත්වයක් ගෙන කටයුතු කළ 99X Technology හි ගුණාත්මකභාවය සහතික කිරීමේ ඉංජිනේරු ජයශානි ගුණරත්න මහත්මිය සඳහන් කරයි.

“උදාහරණයක් ලෙස අපගේ ‘ගුණාත්මක ඉංජිනේරුකරණය පිළිබඳ සැසි මාලාව’ ගුණාත්මකභාවය සහතික කිරීමේ වෘත්තීයමය අවස්ථා පිළිබඳව විශාල වශයෙන් දැනුවත් කර තිබෙනවා,” ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ප‍්‍රධාන මූලස්ථානය කරගත් 99X Technology සමාගම යනු ස්කැන්ඩිනේවියානු වෙළෙඳපොළ සඳහා මනාව සැලසුම් කරන ලද නව්‍ය ඩිජිටල් නිෂ්පාදන සම-නිර්මාණය කරන නිෂ්පාදන ඉංජිනේරු සමාගමකි. ලොව ප‍්‍රමුඛතම Independent Software Vendors (ISVs) සමඟ 2004 වසරේ සිට සංවර්ධනය කරන ලද ගෝලීය ඩිජිටල් නිෂ්පාදන 150කට අධික සංඛ්‍යාවක් හරහා එම සමාගමේ විශේෂඥතාවය සනාථ වී ඇතැයි සමාගම පවසයි.

Visits: 38