වෛද්‍ය විමල් කරන්නාගොඩ ලංකා හොස්පිටල් ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වෙයි

ලංකා හොස්පිටල්ස් පීඑල්සීහි වැඩබලන සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය විමල් කරන්නාගොඩ මහතා ඊයේ, 2020 ජූලි 20 වැනිදා සිට එම ධුරයෙන් ඉවත් වී ඇතැයි එම සමාගම සඳහන් කරයි. 

පසුගිය මාර්තු 14 වැනිදා ඒ මහතා මෙලෙස වැඩබලන සමූහ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත් කෙරුණු අතර මාස හතරක කාලයක් ඒ මහතා එම ධුරයේ කටයුතු කර තිබේ.

මෙරට වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ටතමයෙකු වන විමල් කරන්නාගොඩ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්තවද කටයුතු කර තිබේ. වත්මන් රජය බලයට පත් වීමෙන් අනතුරුව ලංකා හොස්පිටල්ස් පීඑල්සීහි ප්‍රධාන විධායක ධුරයට පත් කෙරිණි. 

එතෙක් ප්‍රධාන විධායක ධුරය දැරූ වෛද්‍ය ප්‍රසාද් මැදවත්ත මහතා 2020 මාර්තු 13 වැනිදා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා කරන්නාගොඩ මහතා පත් විය.

මීට පෙර 2016 වසරේදී වෛද්‍ය කරන්නාගොඩ මහතා ඩර්ඩන්ස් රෝහලේද, ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා සහ වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙසද පත්වීම් ලැබ තිබේ.

Visits: 50