මොබිටෙල් වැසුවේ සෞඛ්‍යාරක්ෂිත පියවරකටලු

කොවිඩ්-19 රෝගියෙකු හා සම්බන්ධතා පැවැත් වූ බවට සැක කෙරෙන තැනැත්තෙකු වෙත නිරාවරණය වූ බවට සැක කෙරෙන අයෙකු සිය මොබිටෙල් ශාඛා කාර්යාලයට පැමිණි බවට ඇති වූ සැකය මත, කොළඹ 02, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවතේ  පිහිටි මොබිටෙල් ශාඛා කාර්යාල පරිශ්‍රය තාවකාලිකව වසා නිසි සෞඛ්‍ය පියවර අනුගමනය කරන්නට කටයුතු කළ බව මොබිටෙල් (පෞද්ගලික) සමාගම සඳහන් කරයි.

මෙහිදී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතාගේ අත්සනින් යුක්තව නිවේදනයක් නිකුත් කරමින් මොබිටෙල් සමාගම එම කරුණු සඳහන් කරයි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ පළවූ පුවත්වලට පිළිතුරුදීමක් ලෙස එම නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ පුද්ගලයා කොවිඩ්-19 බවට ස්ථිර වූ රෝගියාට ඍජුව නොව තුන්වැනි පාර්ශ්වයකින් විවෘත වූ බවට සැක සහිත අයෙකු බවද සමාගම අවධාරණයෙන් යුක්තව පවසයි.

එය සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනිකුත් අදාළ ආයතන විසින් ප්‍රකාශ ක ර තිබෙන නිසි සෞඛ්‍ය උපදෙස් හා ක්‍රියාමාර්ග පිළිපැදීමක් වන බවත්, මොබිටෙල් (පෞද්ගලික) සමාගමද මෙවැනි අවස්ථාවකදී එවැනි පියවර අනුගමනය කිරීමට ඉතාමත් කැපවීමෙන් කටයුතු කරන බවත් එහි සඳහන් වෙයි.

මොබිටෙල් (පෞද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා

“මෙවැනි රෝග තත්ත්වයක් පිළිබඳව කිසියම් හෝ සැකයක් මතු වූ අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මොබිටෙල් (පෞද්ගලික) සමාගම සිය කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබෙන අතර, සෑම මොබිටෙල් කාර්යාල පරිශ්‍රයකම නිසි සෞඛ්‍යාරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් පවතී. මොබිටෙල් සමාගම සිය පාරිභෝගිකයන්, කාර්ය මණ්ඩලය මෙන්ම මහජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය සුරැකීම වෙනුවෙන් අපට ගත  හැකි සෑම පියවරක්ම අනුගමනය කිරීමට කටයුතු කර තිබෙන බවද ඔබ වෙත ප්‍රකාශ කර සිටිමු.” යනුවෙන් මොබිටෙල් (පෞද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා පවසයි.

Visits: 36