HNB ඇෂුවරන්ස් වේගවත් සේවාවකට Oracle Cloud හා එක්වෙයි

HNB ඇෂුවරන්ස් පීඑල්සී (HNBA) සිය ව්‍යාපාරික ක‍්‍රියාවලීන් සරල කිරීම හා විධිමත් කිරීම සඳහා මෙන්ම මූල්‍ය මෙහෙයුම් හි විනිවිදභාවය ඉහළ නැංවීම සහ වඩා හොඳ පාරිභෝගික සේවාවක් තම රක්ෂණ ඔප්පුහිමියන්ට ලබා දීමේ මෙහෙවරට සහාය වීම සඳහා Oracle Cloud Enterprise Resource Planning (ERP) මෘදුකාංගය සමඟ එක් වී ඇතැයි පවසයි.

සති හතක් වැනි කෙටි කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කර තිබීමද විශේෂත්වයක් බව HNB ඇෂුවරන්ස් පීඑල්සී සඳහන් කරයි. Oracle PartnerNetwork හි ප්ලැටිනම් සාමාජිකයෙකු වන MillenniumIT ESP මගින් HNB ඇෂුවරන්ස් සඳහා මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කර තිබේ.

වෙළෙඳපොළට වේගවත් හා කාර්යක්ෂම විසඳුම් ලබා දීම සඳහා නව තාක්ෂණයෙන් යුක්තව ව්‍යාපාරික ක‍්‍රියාවලීන් විධිමත් කිරීම සඳහා Oracle Cloud ERP සමඟින් HNB ඇෂුවරන්ස් පීඑල්සී එක්ව ඇත. ඒ හරහා එම සමාගම තම පාරිභෝගිකයින් හට අඩු වියදමකින්, වේගයෙන් හා කාර්යක්ෂමව සේවය කිරීමට හැකියාව ලැබෙයි. එසේම එමඟින් රක්ෂණ නිෂ්පාදන සමූහය වර්ධනය කිරීමට අවස්ථාවක්ද හිමි වෙයි.

ඒ අනුව මෙය සමාගමට අන්තර්ජාතික මූල්‍ය වාර්තාකරණ ප‍්‍රමිති 17 ((IFRS – International Financial Reporting Standards 17) වැනි නියාමන අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කිරීමට ද උපකාර වනු ඇතැයිද HNB ඇෂුවරන්ස් පීඑල්සී පවසා සිටියි.

මේ පිළිබඳව අදහස් දක්වන HNB ඇෂුවරන්ස් සහ එහි පූර්ණ අනුබද්ධිත HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) හි කළමනාකාර අධ්‍යක්ෂක සහ ප‍්‍රධාන විධායක නිළධාරී ලොකුආරච්චි මහතා, “ඔරකල් සහ එය ඉදිරිපත් කළ විසඳුම්වලට ස්තූතිවන්ත වෙන්න අප සමාගමට එහි ක‍්‍රියාවලීන් විධිමත් කිරීමට සහ ක‍්‍රියාවලීන් හි කාර්යක්ෂමතාව ඉහල නැංවීමට හැකි වෙලා තිබෙනවා.” යනුවෙන් සඳහන් කරයි.

ඔරකල් ක්ලවුඩ් ERP සිය ජීවිත රක්ෂණ නිෂ්පාදනයන් හි මූලික යෙදවුම ලෙස යොදා ගනිමින් HNB ඇෂුවරන්ස් සමාගමට දැන් වැඩි වශයෙන් ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාව පුරා සිය සේවාවන් පුළුල් කිරීමට හැකිය.  

නව ක්ලවුඩ් තාක්ෂණය මඟින් මූල්‍ය විසඳුම් ස්වයංක‍්‍රීය කිරීම හා උසස් දත්ත විශ්ලේෂණය තුළින් තීරණ ගැනීම වැඩි දියුණු කිරීම යන කරුණු මඟින් තොරතුරු තාක්ෂණ සංකීර්ණතාව අඩු කිරීමට සහ සේවක ඵලදායීතාවය ඉහළ නැංවීමට රක්ෂණ සැපයුම්කරුට හැකි වී ඇතැයි පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වන “ඔරකල් හි ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා යෙදවුම් අංශ ප‍්‍රධානී නලින් සිකුරාජපති මහතා, &ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රය පරිවර්තනය කිරීම සඳහා වන HNB ඇෂුවරන්ස් හි දායකත්වයට සහයෝගය දැක්වීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. එසේම නවීන ක්ලවුඞ් විසඳුම් මඟින් කෘතිම බුද්ධිය, යාන්ත‍්‍රික ඉගෙනීම, චැට් බොක්ස්, ක‍්‍රියාවලි ස්වයංක‍්‍රීයකරණය සහ තවත් බොහෝ තාක්ෂණයන්ට පහසු ප‍්‍රවේශයක් ලබා දීමෙන් ව්‍යාපාර ක‍්‍රියාත්මක වන ආකාරය වෙනස් වනවා.” යනුවෙන් සඳහන් කරයි.

Visits: 70