සෞඛ්‍ය සම්පන්න කුකුළන් සහ බිත්තර බිහි කිරීමට සාකච්ඡාවක්

සෞඛ්‍ය සම්පන්න කුකුළන් සහ බිත්තර බිහි කිරීමට සාකච්ඡාවක්

මෙරට තුළ කුකුළු නිෂ්පාදන හා බිත්තර ඵලදාව වැඩි කර ගැනීම සඳහා ගුණාත්මක සෞඛ්‍ය සම්පන්න කුකුළන් සහ බිත්තර බිහි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ සාකච්ඡාවක් පැවැත්වුණු බව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන සහ දේශීය වෙළෙඳ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු සම්පත් පිළිබඳ මහාචාර්යවරිය ඇතුළුව පශු සම්පත් මණ්ඩලය, ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් සහභාගි වී තිබේ.

ඒ අනුව සතුන්ගෙන් මිනිසාට වැලදිය හැකි රෝග, ප්‍රතිජීවක හා කුරුළු උණ වැනි වසංගත රෝග අඩු කිරීම, එම නිෂ්පාදන අපනයන තත්ත්වයට වැඩි දියුණු කිරීම, එම කරුණු සඳහා අවශ්‍ය නීති රෙගුලාසි අඩුපාඩු හඳුනාගෙන පිළියම් යෙදීම, කුකුළු හා බිත්තර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම හා සුළු පරිමාණ කුකුළු නිෂ්පාදකයන්ගේ උනන්දුව ඇති කිරීමට ඒ සඳහා වන පිළිගැනීම වැඩි කිරීමටත් කඩිනම් විසඳම් ලබා දීම යනාදී මෙහිදී සාකච්ඡා කෙරුණු බව අමාත්‍යවරයා පවසයි.

Visits: 69