2019 මහ බැංකු වාර්ෂික වාර්තාව එළිදැක්වෙයි

2019 මහ බැංකු වාර්ෂික වාර්තාව එළිදැක්වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කෙරෙන මහ බැංකු වාර්ෂික වාර්තාවේ 2019 වසර සඳහා වන වාර්තාව එහි වර්තමාන අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අතින් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම සිදු කළ බව මහ බැංකුව පවසයි.

මෙම අවස්ථාව සඳහා මහ බැංකුවේ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ චන්ද්‍රනාත් අමරසේකර යන මහත්වරුන්ද සහභාගි වී ඇත.

1949 අංක 58 දරණ මුදල් පනතේ 35 වැනි වගන්තිය ප්‍රකාරව මෙලෙස මහ බැංකු වාර්ෂික වාර්තාවක් නිකුත් කිරීම සිදු වෙයි. ඒ අනුව මෙවර ප්‍රකාශයට පත්ව ඇත්තේ එහි 70 වැනි වාර්ෂික වාර්තාවයි.

https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports  හරහා මෙම වාර්ෂික වාර්තාවේ සිංහල සංස්කරණය ඩවුන්ලෝඩ් කරගත හැකිය.

Visits: 147