බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 20 ට අඩුවෙයි

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 20 ට අඩුවෙයි

ලෝක වෙළෙඳ පොළෙහි බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද (අප්‍රේල් 21) පස්වරු 3.00 වන විට ඩොලර් 20.91 දක්වා අඩු විය. අද පෙරවරුවේදී මෙය ඩොලර් 25ක අගයක් ගෙන තිබුණි. එසේම ඊයේ ඩොලර් -37කට පත්ව පත්ව  ක්‍රමයෙන් ධන අගයක්ව තිබූ එක්සත් ජනපද WTI බොරතෙල් බැරලයක මිල යළිත් වරක් ඍන අගයක් බවට පත්වෙමින් සන්ධ්‍යාව වනවිට ඩොලර් -9.20 ක් බවට පත්ව තිබේ. අද පෙරවරුවේදී එය ඩොලර් 1.36ක් අගයකටද පත්විය.

ලොව පුරා බොරතෙල් සඳහා වන ඉල්ලුම අඩුවීමත් සමගම මෙම තත්ත්වය උදා වී ඇති අතර, මේ මොහොත වන විට බොරතෙල් නිෂ්පාදකයන්ට සිය බොරතෙල් නිෂ්පාදන ගබඩා කර තබා ගැනීමේ පහසුකම් පිළිබඳ ගැටලුද උද්ගතව ඇතැයි පැවසෙයි. ඒ අනුව මෙම තත්ත්වය බොරතෙල් වෙළෙඳ පොළෙ එතෙක් මෙතෙක් අත් නොවිදි අවස්ථාවක් ලෙසටද සඳහන් වෙයි.

මේ වනවිට ගොඩබිම පිහිටි බොරතෙල් ටැංකි තුළ මෙන්ම වෙරළේ සහ අක්වෙරළේ පිහිටි බොරතෙල් ගබඩා පරිශ්‍ර තුළද බොරතෙල් නිෂ්පාදන ගබඩා කර ඇති බවත්, ඒ හේතුවෙන් තෙල් ප්‍රවාහන නෞකා තුළ මෙම බොරතෙල් ගබඩා කිරීමේ ඉහළ ඉල්ලුමක්ද හට ගෙන ඇතැයි පැවසෙයි.

Visits: 80