නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500ක්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500ක්

COVID-19 වෛරසයට එරෙහිව සටන් වදින ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ආරක්ෂිත වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500ක් ප්‍රදානය කිරීමට කටයුතු කළ බව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පවසයි. එහි වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා විසින් පසුගියදා අදාළ ඇදුම් කට්ටල නිල වශයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දී තිබේ.

මෙම වෛරස තත්ත්වය පාලනය කිරිම සඳහා දියත් කර ඇති ජාතික ක්‍රියාන්විතය සඳහා බැංකුව ලෙස දායක විය හැකි ආකාරයට පිළිබඳව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ වෛද්‍ය ආනන්ද ජයලාල් යන මහත්වරුන් ප්‍රමුඛ නිලධාරීන් සමග සිදු කළ සාකච්ඡාවක ප්‍රතිඵල ලෙස මෙම ප්‍රදානය සිදු කෙරී ඇත.

ඒ අනුව COVID-19 වෛරස තත්ත්වයට ප්‍රතිකාර කරන රෝහල්වල ඉදිරිපෙළ සේවයේ නිරත සියලුම සේඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආරක්ෂිත වෛද්‍ය ඇඳුම් කට්ටල ලබා දීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තීරණය කර තිබේ.

එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහයෝගය සහ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම ඇඳුම් කට්ටල මැසීමේ කටයුතු සිදු කර තිබේ. එහිදී ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් අමුද්‍රව්‍ය මිලදී ගෙන අදාළ ඇඳුම් කට්ටල 4,500 මසා නිම කිරීම සඳහා දායකත්වය ලබා දීමට නේෂන්ස්ට් ට්‍රස්ට් බැංකුව කටයුතු යොදා ඇත.

ඒ අනුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රජා සත්කාරක අංශයේ ප්‍රධානී තේජා සිල්වා, එම බැංකුවේ විධායක සභ සභාපති රමණිකා උනම්බුව (මානව සම්පත්), ප්‍රධාන අලෙවි නිලධාරි සංජය සෙනරත්, උප සභාපති නිසජ ආර්යසිංහ (ණය අය කරගැනීම්) සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.

මේ අතර, ඉදිරි අවශ්‍යතා අනුව පුද්ගල ආරක්ෂණ මෙවලම් ආදී  දෑද සැපයීම සඳහා දැනටමත් බැංකුව සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් එවැනි අවශ්‍යතාද හැකි පමණ සපුරාලීමට බැංකුව සූදානමින් සිටින බවත් පවසා සිටියි.

Visits: 51