චයිනා මර්චන්ට්ස් පොර්ට් ගෘප් වෙතින් මෙරටට ආරක්ෂිත ඇඳුම් 1000ක්

චයිනා මර්චන්ට්ස් පොර්ට් ගෘප් වෙතින් මෙරටට ආරක්ෂිත ඇඳුම් 1000ක්

ශ්‍රී ලංකා රජය COVID-19ට එරෙහිව දියත් කර ඇති ජාතික මෙහෙයුමට ලබා දෙන දායකත්වයක් ලෙස චීනයේ චයිනා මර්චන්ට්ස් පොර්ට් ගෘප් (CMPort – China Merchants Port Group) වෙතින් ආරක්ෂිත ඇඳුම් කට්ටල 1,000ක් පසුගියදා ප්‍රදානය කර ඇත.

එහි නියෝජිතයන් විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම ප්‍රදානය සිදු කර තිබේ. චීනයේ තීරයක් – මාවතක් වැඩසටහන යටතේ මෙම චයිනා මර්චන්ට්ස් පෝර්ට් ගෘප් ක්‍රියාත්මක වෙයි.

“සියවස් ගණන් දුර අතීතෙක ඉඳන් පිරූ මිතුදම්, නොවෙනස්ව චීන ලංකා මිතුරුදම් ගලා යයි දුර අනාගතයක් සොයා” යනුවෙන් මෙම ආධාර තොගයේ සඳහන්ව තිබේ.

Visits: 44