අබුඩාබි නුවර ඩ්‍රයිව් තෘෘ ‘COVID-19’ පරීක්ෂාව

අබුඩාබි නුවර ඩ්‍රයිව් තෘෘ ‘COVID-19’ පරීක්ෂාව

එක්සත් අරාබි එමීරයේ අබු ඩාබි නුවර වෙසෙන ජනතාවට සිය මෝටර් රථයේ සිටම COVID-19 පරීක්ෂාවක් සිදු කරගැනීමේ අවස්ථාව ලබා දීමට එහි බලධාරීන් පියවර ගෙන ඇත.

මේ සඳහා වෙනමම මධ්‍යස්ථානයක් ඉදිකර ඇති අතර, ඒ තුළ ‘ඩ්‍රයිව් තෘෘ’ පහසුකම් සලසා දී තිබේ. ඒ අනුව මෝටර් රථයේ සිටින පුද්ගලයන්ට ඉන් පිටතට නොපැමිණ එහි සිටම මෙම පරීක්ෂාවට දායකවීමේ අවස්ථාව හිමි වෙයි.

මෙම නව මධ්‍යස්ථානය අබුඩාබි නුවර සෞඛ්‍ය සේවා සමාගම (SEHA) විසින් ක්‍රියාත්මක කර තිබේ. ඊයේ දිනයේදී එහි කටයුතු නිල වශයෙන් ආරම්භ වී ඇත. මෙහිදී අදාළ පුද්ගලයාගේ නාසයෙන් ලබා ගන්නා සෙම්පටල COVID-19 පරීක්ෂාව සඳහා යොදා ගැනේ.

එහිදී මෙම මධ්‍යස්ථානය විවෘත කරමින් එහි පළමු COVID-19 පරීක්ෂාව අබුඩාබි නුවර ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් මොහොමඩ් බින් සායේද් අල් නාහ්යාන් විසින් සිදු කරගන්නා ලද බව විදෙස් මාධ්‍ය පවසයි.

එක්සත් අරාබි එමීර රාජ්‍යය තුළ COVID-19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම අරමුණු කරගනිමින් මෙලෙස ඩ්‍රයිව් තෘෘ ‘COVID-19’ පරීක්ෂාවක් සඳහා ජනතාවට අවස්ථාව ලබා දුන් බව අබුඩාබි නුවර සෞඛ්‍ය සේවා සමාගම පවසා සිටියි.

Visits: 22