සොෆ්ට්ලොජික් ලයිෆ් වාර්ෂික සහ අතිවිශේෂ මහා සභා රැස්වීම් කල් යයි

සොෆ්ට්ලොජික් ලයිෆ් වාර්ෂික සහ අතිවිශේෂ මහා සභා රැස්වීම් කල් යයි

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගමට අයත් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී ලබන මාර්තු 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික මහා සභා රැස්වීම සහ අතිවිශේෂ මහා සභාරැස්වීම දින නියමයක් නොමැතිව කල් දැමීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි නිවේදනයක් මගින් පවසයි.

කොළඹ 10, නොරිස් කැනල් මාවතේ පිහිටි ආසිරි සෙන්ට්‍රල් හොස්පිටල් ලිමිටඩ්හි සිව් වැනි මහලේ පිහිටි රැස්වීම් ශාලාවේදී මෙම මහා සභා රැස්වීම් පැවැත්වීමට නියමිතව තිබුණි.

COVID-19 වසංගතය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සලකා බලා තමන් මෙලෙස සිය 21 වැනි වාර්ෂික මහා සභා රැස්වීම කල් දැමීමට තීරණය කළ බව සොෆ්ට්ලොජික් ලයිෆ් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සිය කොටස්  හිමියන් වෙත සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන සමාගම, තත්ත්වය සමනය වූ වහාම මෙම වාර්ෂික මහා සභා රැස්වීම සහ අතිවිශේෂ මහාසභා රැස්වීම පැවැත්වීමේ දිනයක් නිවේදනය කරන බවත් පවසා සිටියි.

Visits: 50