අරලිය සහල් හිමි ඩඩ්ලි සිරිසේනගෙන් වැලිකන්ද රෝහලට උපකරණ

අරලිය සහල් හිමි ඩඩ්ලි සිරිසේනගෙන් වැලිකන්ද රෝහලට උපකරණ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද රජයේ රෝහලේ පිහිටුවා ඇති කොරෝනා රෝගීන් නිරෝධායනය කරන වාට්ටු සංකීර්ණය වෙත අවශ්‍ය උපකරණ ප්‍රදානයක් සිදු කිරීමට ‘අරලිය’ ව්‍යාපාරයේ හිමිකරු වන ඩඩ්ලි සිරිසේන මහතා පෙරේදා කටයුතු කළ බව පවසයි.

දේශීය ව්‍යවසායකයෙකු වශයෙන් රටේ ඇති වී තිබෙන හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම උපකරණ පරිත්‍යාග කළ බව ඩඩ්ලි සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබේ. එසේම එය තමන් මෙතෙක් ක්‍රියාත්මක කළ සිය සමාජ සත්කාර වැඩපිළිවෙලේ තවත් දිගුවක් ලෙස ආරම්භ කළ බවද ඔහු පවසා සිටියි.

“රටේ ඇති වී තිබෙන මෙම හදිසි ව්‍යසන අවස්ථාවට සමගාමීව මවිසින්, පෙර දිනයන්හිදී ක්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත සුභසාධක වැඩපිළිවෙලට අතිරේකව මේ සඳහා රුපියල් මිලියන 5.5ක් යොදවනු ලැබුවා.” ඔහු පවසයි.

තවද, මෙම රෝහලේ නේවාසික රෝගීන්ට අඩුපාඩුවක්ව පැවැති සියලුම අත්‍යවශ්‍ය උපකරණ සියල්ලක්ම තමන් විසින් සපයා දුන් බවත්, අවසාන රෝගියාද සුවවන තෙක් මෙකී සමාජ සත්කාරය ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු එහිදී රෝහලේ බලධාරීන්  හමුවී අවධාරණය කළ බවත් පවසා ඇත.

“කෝවිඩ් 19 වෛරසය වැළැදී ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයකින් වුවද පොළොන්නරුව කෝවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණ ප්‍රතිකාර ගෙන සුවය ලබා නිවෙස් කරා යන අවසන් රෝගියා දක්වාම සියලු වියදම් මා විසින් දරනවා.” යනුවෙන් ඔහු මෙහිදී පවසා ඇත.

Visits: 34