IWS ආතර් සේනානායක සිය හෙලිකොප්ටර් මගින් පිරිත් පැන් ඉසියි

IWS ආතර් සේනානායක සිය හෙලිකොප්ටර් මගින් පිරිත් පැන් ඉසියි

පසුගිය සති දෙක පුරා ශ්‍රී දළදා මාලිගායේ සිට පිරිත් කෙරූ පිරිත් පැන් මෙරට භූමිය පුරා ඉසීමේ කටයුතු අද පෙරවරුවේදී සිදු විය. COVID-19 වසංගතයෙන් මෙරට ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලබා ගැනීමේ අරමුණින්  දළදා මාළිගාව පසුගියදා මෙම පිරිත් සඤ්ඤායනාව සංවිධානය කර තිබුණි.

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන IWS හෝල්ඩිංග්ස් සමාගමේ හිමිකරු ආතර් සේනානායක මහතාගේ මූලිකත්වයෙන් මෙම පිරිත් පැන් ඉසීමේ කටයුතු සංවිධානය වී තිබේ. එහිදී IWS හෝල්ඩිංග්ස් සමාගම සතු හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් මෙම පිරිත් පැන් ඉසීම සිදුවූ බව පැවසෙයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, සංස්කෘතික අරමුදලේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මාධව වත්තේගම සහ දළදා මාලිගාවේ මාධ්‍ය ප්‍රධානී ක්‍රිෂාන්ත හිස්වැල්ල යන මහත්වරුන්ද සහභාගි වූ බව පැවසෙයි.    

මෙම පිරිත් පැන් බලයෙන් අපේ රටේ පැතිරී තිබෙන කොරෝනා වසංගතය රටෙන් ඉවත් කිරීම අපේක්ෂාව වූ බව වැඩසටහන සංවිධානය කළ පිරිස් සඳහන් කරයි.

Visits: 58