හැනෝයි නුවර ‘කොරෝනා බර්ගර්’

හැනෝයි නුවර ‘කොරෝනා බර්ගර්’ (Photos)

වියට්නාමයේ හැනොයි නුවර සිය ආපනශාලාවක් පවත්වාගෙන යන සූපවේදියෙකු වන ඩැන්ග් වැන් ඛු සිය අලුත්ම බර්ගර් නිර්මාණයක් ලෙස කොරෝනා තේමා කරගත් බර්ගර් බනිස් මාදිලියක් සිය පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කර ඇතැයි ඒ.එෆ්.පී. පුවත් සේවය පවසයි.

නව කොරොනා හෙවත් COVID-19 වෛරසය වියට්නාමයේ නගර රැසක් පුරාම ව්‍යාප්පත වී ඇත. අද දිනය වනවිට වියට්නාමය තුළ නව කොරෝනා ආසාදිතයන් 148 දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය මාර්තු 22 වැනිදා වනවිට අලුතින් ආසාදිතයන් 19 දෙනෙකු හඳුනාගත් අතර එය එතෙක් මෙතෙක් වියට්නාමය තුළ ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් හමුවූ දිනයද විය.

මේ වනවිට හැනොයි නුවර සියලුම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වන මත්පැන් හල්, රාත්‍රී සමාජ ශාලා, සිනමා ශාල සහ කැරෝකේ සමාජ ශාලා යනාදිය ලබන මැයි 4 දක්වා වසා දමා තිබේ. එහෙත් ආහාර, ඖෂධ ශාලා සහ ඉන්ධන හල් යන අත්‍යවශ්‍ය ව්‍යාපාර තවදුරටත් විවෘත කර තැබීමට බලධාරීන් කටයුතු යොදා තිබේ.

Visits: 19