අත්‍යවශ්‍ය භාණ්ඩවල ප්‍රමිතිය ගැන රජය අවධානයෙන්ලු

අත්‍යවශ්‍ය භාණ්ඩවල ප්‍රමිතිය ගැන රජය අවධානයෙන්ලු

ඇඳිරි නීතිය පවතින කාලය අතරතුර නිවෙස්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් හා නිසි මිලට අලෙවි කරන්නේ දැයි රජය අවධානයෙන් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එහිදී සෑම ප්‍රාදේශීය ලේකම්වරයෙකුම ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

“ඇඳිරි නීතිය පවතින කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලටම යැවීම මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මකයි. සමුපකාර, සතොස, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් එම වැඩසටහන ක්‍රියාත්මක වන අතරම, පෞද්ගලික අංශයේ වෙළෙඳ සැල් පවත්වාගෙන යනු ලබන ආයතනද ඊට එක්ව තිබේ. ඊට අමතරව මාලු, එළවලු ව්‍යාපාරිකයන්ද මේ සඳහා දායක වී තිබේ.”

ඇඳිරි නීතිය ඉවත් කළ විට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නගරවලට හා වෙළෙඳ සැල්වලට රොක් වන ජනතාව අවම කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇඳිරි නීති කාලය තුල නිවෙස්වලට යැවීමේ වැඩසටහන ආරම්භ කළ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විවිධ පෞද්ගලික බෙදාහැරීමේ ආයතන හරහා පාරිභෝගිකයන්ගේ නිවෙස් වෙත ගෙනැවිත් දුන් ආහාර ද්‍රව්‍යවල ප්‍රමිතිය සහ ගුණාත්මක බව පිළිබඳව මෙන්ම ඒවායේ මිල සම්බන්ධයෙන් දැනටමත් විවිධ චෝදනා එල්ල වී තිබේ.

Visits: 19