විදේශ සබදතා අමාත්‍යාංශය ‘CONTACT SRI LANKA’ දියත් කරයි

විදේශ සබදතා අමාත්‍යාංශය ‘CONTACT SRI LANKA’ දියත් කරයි

COVID-19 වසංගතය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින අධ්‍යාපන, රැකියා හෝ වෙනත් කරුණු සදහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරට සමගින් සම්බන්ධ විය හැකි නව වෙබ් අඩවියක් (දොරටුවක්) www.contactsrilanka.mfa.gov.lk ලෙස දියත් කරන්නට විදේශ සබඳතා අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) සහයෝගිතාවයෙන් මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කෙරී ඇත. මෙම වෙබ් අඩවිය වෙත ලියාපදිංචි වී මෙම අවස්ථාවේදී අවශ්‍ය සහාය පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි බව රජය පවසයි.

ඒ අනුව එහි ලියාපදිංචි වන පිරිස වෙත අවශ්‍ය සහාය ලබා දීමේ හැකියාව අමාත්‍යාංශය වෙත ලැබෙනු ඇති බවත් එම වෙබ් අඩවියේ සඳහන් වෙයි.

එසේම මෙම වෙබ් අඩවිය හරහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලංකාවේ ඊට අදාළ නිලධාරීන් සහ විදේශයන්හි සිදු කරන ශ්‍රී ලංකා මෙහෙයුම් ජාලය එකිනෙක සම්බන්ධ කිරීමේ හැකියාවද පවතින බව රජයේ විශ්වාසයයි.

මීට අමතරව, එය ඉදිරියේදී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ නිල තොරතුරු පද්ධතියක් ලෙස ක්‍රියාත්මක කළ හැකි බවත්, ශ්‍රී ලංකා රජය මගින් ලබා දෙන සේවාවන් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් වෙත පිරිනැමීම සඳහා යොදා ගත හැකි ක්‍රමවේදයක් වන බවත් රජය සඳහන් කරයි.

මේ අතර, මෙලෙස රැස් කරගන්නා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ දත්තවල රහස්‍යභාවයද ආරක්ෂා කෙරෙන බවත් වෙබ් අඩවියේ සඳහන්ව තිබේ.

Visits: 50