COVID-19 ආසාදිතයන් 104ක් වෙයි

COVID-19 ආසාදිතයන් 104ක් වෙයි

අද (මාර්තු 26) සන්ධ්‍යාවේදී හඳුනාගත් COVID-19 ආසාදිතයන් දෙදෙනෙකු සමගින් මේ වනවිට රට තුළ COVID-19 ආසාදිතයන් 104 දෙනෙකු සිටින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර COVID-19 ආසාදනය වී කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ සිව් දෙනෙකු අද දිනයේදී ඉන් සුවය ලබා නිවෙස් බලා පිටත්ව ගිය බවත් සෞඛ්‍ය බලධාරීන් පවසයි. ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා COVID-19 ආසාදිතයන් හත් දෙනෙකු මෙරටදී සුවය ලබා තිබේ.

Visits: 67